spot_img
Saturday, March 7, 2026
spot_img

කාන්තා දිනය නිමිත්තෙන් පුත්තලමේදී මානව හිමිකම් ගැන වැඩමුළුවක්

Must read

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ පුත්තලම ප්‍රාදේශීය කාර්යලය විසින් 2025 මාර්තු මස 12 දින කුරුණෑගල නගර සභාවට අයත් ශාලාවකදී කාන්තා දිනය සැමරීම වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර එම සැමරුම දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පැවැත්වුනි. එහි ප්‍රධාන දේශනය පුත්තලම නීති ආධාර මධ්‍යස්ථානයේ නීති නිලධාරිනිය විසින් කල අතර නීතියේ සම්භවය හා එහි වර්ධනයන් පිළිබඳවත් එහිදී කාන්තාවන් අරභයා සැකසුනු නීති ගැන හා කාන්තාවන් එදිනෙදා මුහුණ දෙන පීඩාවන් ගැනත් ඇය දීර්ඝ විග්‍රහයක් කරනු ලැබුවාය.

මීට අමතරව ස්ත්‍රී මධ්‍යස්ථානයේ සුමිකා පෙරේරා මහත්මිය කාන්තා ක්‍රිකාරිනියක ලෙසින් තමන්ගේ හතලිස් වසක අත්දැකීම් ඇසුරෙන් කාන්තා අයිතීන් පිළිබඳ වූ තම අදහස් ඉදිරිපත් කිරීමක් කරන ලදි.
කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඥානවීර දිසානායක සහ තවත් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වීම් කලහ.
⁣කාන්තා පොලිස් නිධාරීනියන්, රාජ්‍ය නිලධාරීනියන් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීනියන් ඇතුළු පනහකට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගීව සිටි අතර මානව හිමිකම් කොමිසමේ පුත්තලම ප්‍රාදේශීය කාර්යාලයේ නීති නිලධාරී අබ්දුල් කලාම් මහතා විසින් වැඩසටහන මෙහෙයවීම සිදු කරණු ලැබුනි.

ඥානවීර දිසානායක

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article