අද (10 ) වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහ සභා රැස්වීම පැවැත්වූ අතර විශේෂ කරුණු කාරනා රැසක් ප්‍රා.සභා න්‍යාය පත්‍රයේ අඩංගු කර තිබුණි.
ඒ අතර ප්‍රජා සංවර්ධන කමිටුව විසින් ශාසනාරක්ෂක බලමන්ඩල වලට වෙන්කරන මුදල සම්බන්ධයෙන් නැවත සංශෝධනයක් සිදුකළ හැකිද යන්න ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා විසින් දිිගින් දිගටම මතුකරන ලදී.
ඔහුගේ යෝජනාව වුයේ දංකොටුව විහාරස්ථානයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුනොකර ඇති බැවින් එම මුදල වෙන්නප්පුව දුම්මලදෙනිය පන්සලට ලබාදෙන ලෙසයි.
මෙහිදී මෙම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රජා සංවර්ධන කමිටුව අවධාරණය කර සිටියේ, මේ වනවිටත් දහම් පාසල් 08 සංවර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කොට ඇති බැවින් , වෙන්නප්පුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහතිකපත් ප්‍රධානය වෙනුවෙන් රැ 50 000ක් සහ දංකොටුව ශාසනාරක්ෂක බල මන්ඩලයේ සහතිකපත් ප්‍රධානය වෙනුවෙන් රු 50 000ක් වෙන්කොට ,2026 වර්ෂයට අයවැයෙන් වෙන්කරන ලද දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් වූ ප්‍රතිපාදන මුදල් සියල්ලම අවසන් කොට ඇති බවයි.
එබැවින් මෙම යෝජනාව සම්මතවූ යෝජනාවක් ලෙස , දංකොටුව ශාසනාරක්සක බල මණ්ඩලයට සහ වෙන්නප්පුව ශාසනාරක්ෂක බල මන්ඩලය වෙනුවෙන් රු 50000ක් බැගින් වෙන්කළ බවට ප්‍රා.සභාවේ අනුමැතියට නැවත වරක් ලක්විය.
මෙම සාකච්ඡාව අවසන් වුයේ , සුසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පසුපස සිටි හසන්කා සෙව්වන්දි (ජාජබ) මන්ත්‍රීවරියට ‘ඔයා ලැජ්ජ වෙන්න ඕනා’ යැයි සැරෙන් ප්‍රකාශයක් කරමිනි.
මෙම ප්‍රකාශයෙන් පසු මේ පිළිබඳව සභාවේ අවධානය යොමු නොවුවත් මන්ත්‍රීවරිය සභාපතිවරයා අමතමින් තමන්ට සිදුකළ මෙම වාග් ප්‍රහාරය ගැන විරෝධය පළ කළාය.
ඇය කියා සිටියේ ” මේ මන්ත්‍රීතුමා මට පිටිපස්ස හැරිලා කිව්වා ඔයා ලැජ්ජා වෙන්න ඕනා කියලා.ඒ චෝදනාව නිවරදි වෙන්න ඕනා. කාන්තාවකට පිටිපස්ස හැරිලා එහෙම කතාකරන්න බැහැ. ලැජ්ජා වෙන්න ඕනා.මම කැමති නැහැ ඒ විදිහට කතා කරනවට” යනුවෙන් ප්‍රකාශ කළාය.
මෙයට පිලිතුරු දෙමින් ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර මහතා ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරාට අවවාද කරමින් කියා සිටියේ ඔබතුමා හිටපු සභාපතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් හැටියටයි දැන් ඉන්නේ.ඒ නිසා කතාකරද්දි මුලින්ම නැගිටලා කතාකරන්න, ඒක මම දිගටම කිව්වා.
මම හැමෝටම කිව්වා.අනිත් පැත්ත හැරිලා කතාකරන්න එපා.විශේෂයෙන්ම සහෝදරයින් පරෙස්සම් වෙන්න සහෝදරියන් එක්ක ගනුදෙනු කරද්දී. වල්පල් කතාකරන්න එපා, එයාලා අපහසුතාවයට පත්වෙනවානේ.ඒ අනුව කටයුතු කරන්න” යනුවෙන් පවසන ලදි.







