spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල මනාප පමා වෙයි. ආධාරකරුවෝ නොසන්සුන්.

Must read

කුරුණෑගල දිස්ත‍්‍රික් මනාප ප‍්‍රතිඵල නිකුත්වන තුරු ප‍්‍රධාන පක්ෂ දෙකෙහි ආධාරකරුවන් සිය ගණනක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අවට රැස් වී සිටිති.

දිවයිනේ බොහෝ දිස්ත‍්‍රික්කවල මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ව ඇති නමුත් කුරුණෑගල දිස්ත‍්‍රික් මනාප ප‍්‍රතිඵල නිකුත්වීමට තවත් කාලයක් ගතවන බවක් පෙනේ.

එක්සත් ජාතික පක්ෂයෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මැතිවරණයට තරග වැදුණු අපේක්ෂක අපේක්ෂිකාවන්ද මනාප ප‍්‍රතිඵල නිකුත් කෙරෙන තෙක් කුරුණෑගල දිස්ත‍්‍රික්
කාර්යාල ශ‍්‍රවණාගාරයෙහි රැදීසිටිති.

ගණන් කිරීමේ කාර්යාලවල සිට මනාප ඡන්ද ප‍්‍රතිඵල රැගත් ‘මැතිවරණ රාජකාරී’ ස්ටිකරය සහිත වාහනද විටින් විට කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලය වෙත පැමිණෙමින් තිබේ.

තමන් සහාය දැක් වූ අපේක්ෂකයා නියත වශයෙන්ම ජයග‍්‍රහණය කර ඇති දැයි දැනගැනීම සදහා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අවට රැස් වී සිටින ආධාරකරුවන් නොඉවසිල්ලෙන්
පසුවෙති. එම ආධාරකරුවන් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ප‍්‍රධාන ගේට්ටුව අසලින් ඉවත් කිරීමට පොලිසිය මීට ටික වේලාවකට පෙර ක‍්‍රියාකළේය.

පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අවට මුරකාවල් දැඩි කර තිබේ.

මනාප ප‍්‍රතිඵල නිකුත් වූ සැණින් ඒවා අපගේ පාඨකයින් වෙත පළමුව සහ සැණෙකින් මුදාහැරීමට ‘වයඹ ටුඩේ’ සූදානමින් සිටී. manapa6. manapa5 manapa4 manapa3
manapa

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article