spot_img
Saturday, March 7, 2026
spot_img

කෝකිල වසන්තය කොතලාවල විදුබිමට කලින්ම එයි.

Must read

කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘කෝකිල වසන්තය – 2016’ බක්මහ උළෙල හෙට (08 දා ) එම විද්‍යාල භූමියේදී පැවැත්වෙයි.

ජන ක‍්‍රීඩාවලට මුල්තැනක් දෙමින් පැවැත්වීමට නියමිත මෙම බක්මහ උළෙලෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය ධම්මික බණ්ඩාර හේරත් මහතා සහභාගීවීමට නියමිතය. පාසල් දරු දැරියන්ගේ දැනුවත්වීම පිණිස ඉපැරණි සිරිත් විරිත් අනුගමනය කරමින් සම්ප‍්‍රදායික අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමද මෙහිදී සිදුවෙයි.

විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් ,අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ දෙමව්පියන්ට එක්ව මුණගැසීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් යුතුව ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ‘කෝකිල වසන්තය – 2016’බක්මහ උළෙල සංවිධානය කරනු ලබයි.

kotalawala_ awurudu

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article