spot_img
Saturday, March 7, 2026
spot_img

කෝටි තුනක බඩුත් එක්කම නාරම්මලදී ලොරියක් පැහැර ගැනේ.

Must read

armed-robberyගිනි අවි පෙන්වා රියදුරු හා රිය සහයක බිමට ඇද දමා රුපියල් කෝටි 3 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සොරකම් කර පලාගිය මංකොල්ලකරුවන් පිරිසක් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පුලුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

නාරම්මල, ගල්වංගුව ප‍්‍රදේශයේදී අද  (26 දා ) අලුයම 1 ට පමණ මෙලෙස කොල්ලකෑමට ලක් වී ඇත්තේ කොළඹ සිට වවුනියාව බලා දුම්වැටි සහ ඉදිකිරීම් උපකරණ ( හාඞ්වෙයාර්) තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකි.

නාරම්මල, ගල්වංගුව ප‍්‍රදේශයේදී ගිනි අවි පෙන්වා ලොරි රථය නවතාගෙන ඇති කොල්ලකරුවන් විසින් රියදුරු සහ රිය සහයක ඒ ආසන්නයේ පිහිටි අතුරු මාර්ගයකදී බිමට ඇද දමා ලොරි රථයද රැගෙන පලා ගොස් තිබේ.

කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලොරි රථ රියදුරුගෙන් සහ කිළිනොච්චි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රිය සහයකවරයාගෙන් නාරම්මල පොලිසිය විසින් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article