ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම, හේමාස් අවුට්රීච් පදනම (HOF) සමඟ හවුල්කාරිත්වයෙන්, ලොව පුරා ක්‍රියාත්මක වල සිය 1,000 වන පාසල ශ්‍රී ලංකාවේ වෙන්නප්පුවේදී විවෘත කරන ලදී. එ වෙනුවෙන් පැවති උත්සවය පසුගියදා වෙන්ප්පුවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට වෙන්නප්පුව ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර් මහතා, ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් හි නිර්මාතෘ රේනර් මුට්ෂ්, හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මසකෝරාල, ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් හි නියෝජ්‍ය සභාපතිනි සිලන්කා වයිමන් සහ හේමාස් අවුට්රීච් පදනමේ (HOF) / සමූහ අධ්‍යක්ෂිකා අබ්බාස් එසුෆලි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඒම සංවිධානය විසින් ලංකාවේ තවත් දිස්ත්‍රික්ක කිහිපයකම පෙර පාසල් අධ්‍යාපනය සදහා දායක වී තිබේ. මෙවර ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම සිය පිහිටුවිමේ 1000 වන පාසල පිහිටුවමින් සන්ධිස්ථානයක් සලකුණු කළේය.
.ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් දැන් රටවල් 57 ක ක්‍රියාකාරී වන අතර එය ගෝලීය අධ්‍යාපනයේ සහ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා කැපවීම ඉදිරියට ගෙන යාමට මෙහෙවරක යෙදී සිටියි.













