spot_img
Saturday, March 7, 2026
spot_img

දරුවන් රවටා සිදුකළ ‘මාවා ‘ බුලත්විට ඡාවාරම පොලිස් ඇසට හසුවෙයි

Must read

betel-958acf3b-a630-4bbc-9620-ca28aa05b55-resize-750
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ

(8.11am) පාසල් දරුවන් සහ තරුණ පිරිස ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගිය “මාවා” නම් බුලත් විට ජාවාරමක් හසුකර ගැනීමට සාලියවැව පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත. පසුගිය 16 වැනිදා මම වැටලීම සිදු කර ඇත.

මාවා බුලත් විට ජාවාරමේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු සහ එම බුලත් විට මිළදී ගැනීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකුවද පොලිස් නිලධාරීන් විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් සතුව  මාවා බුලත් විට අඩංගු පැකට් 85 ක්,ඒවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා පැණි විශේෂයක් අඩංගු බෝතලයක් සහ කිසියම් කුඩු වර්ගයක් ඇසුරූ ටින් එකක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

මාවා බුලත් විට සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සැකකාර කාන්තාවන් විසින් දුර ගමන් සේවා බස් රථ සේවකයින්ගේ සහායෙන් පිට පළාත් වල සිට සාලියවැව ප්‍රදේශයට ගෙන්වා ගන්නා බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.ගණුදෙණු කරුවන් සම්බන්ධ කර ගැනීම සදහා සැකකාරියන් ජංගම දුරකතන වල සහාය ලබා ගෙන ඇති බවත් වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.මාවා නම් බුලත් පැකට්ටුවක් රුපියල් 150 ක් වැනි මුදලකට ගණූ දෙණු කරුවන්ට අලවි කරන බවද සැකකාරියන් පොලීසිය හමුවේ පවසා ඇත.


 

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article