spot_img
Friday, March 6, 2026
spot_img

දැදුරුඔය මෝය ආසන්නයේ කලපු තීරයේ ගොඩනැගිළි ඉවත් කෙරේ

Must read

හලාවත දැදුරුඔය මෝය ආසන්නයේ කලපු තීරයේ ඉදිකර තිබූ ගොඩනැගිළි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 25 වැනිදා ඉවත් කිරීමට කටයුතු කරණ ලදි.

මෝය ආසන්නයේ කලපු තීරයේ ඉදිකර තිබූ ගොඩනැගිළි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය වසරේ සැප්තැම්බර් 29 වැනිදා උත්සහ කරණ ලදි. එම අවස්ථාවේදී අදාල ගොඩනැගිළි වල හිමිකරුවන් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. ගොඩනැගිළි ඉවත් කිරීම තාවකාලිකව අතහැර දැමූ නිලධාරීන් එදින එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

අනතුරුව වෙරළ සංරක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි 19 වෙනිදා හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරණ ලදි. සියළුම
ඉදිකිරීම් සති තුනක කාලයක් ඇතුළත ඉවත් කර අප්‍රියල් මස 21 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එම නියෝගයට අනුව මෝය ආසන්නයේ ඉදිකර තිබූ ගොඩනැගිළි කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරණ ලදි. එම ගොඩනැගිළි වලට සපයා තිබූ විදුලිය සම්බන්ධතාවයන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමටද කටයුතු කළේය.

ගොඩනැගිළි ඉවත් කිරීමේ අවස්ථාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සදහා එම ස්ථානයට පැමිණ සිටියේය.

 

සටහන සහ ඡායා – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article