පසුගියදා කල්පිටිය බත්තලංගුඩුව දූපතේ සංචාර කරමින් සිටි කණ්ඩායමක් එහි සුනඛයින් දෙදෙනෙකු ආහාර හෝ ජලය නැතුව සිටින ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. මෙම පුවත සම්බන්ධයෙන් ක්‍රියාකාරීවූ පුත්තලම ආශ්‍රිතව සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කණ්ඩායමක් වන Association of Veterinarians for Humane Management of Animal Population විසින් මෙම සුනඛ මිතුරන් දෙදෙනා එම ස්ථානයෙන් මුදවාගෙන ඇති බව බව් බව් සංවිධානය විසින් ඊයේ සනිටුහන් කර තිබුණි. මෙම වෛද්‍ය කණ්ඩායම ඒ වනවිට පුත්ලම සහ කල්බිටිය ප්‍රෙද්ශ වල සුනඛයින් වන්ද්‍යකරන සහ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටි අතර ඔවුන් මෙම දුපතේ සුනඛයින් පිළිබද පුවත දැනගත් පසු ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. මුලින්ම මෙම පුවත ගෙන ආ පිරිස මුහුණු පොතේ මොවුන් ගැන මෙහෙම සටහනක් තබා තිබුණා.

..මුහුද මැද අතරමං වූ බව්වන් දෙදෙනා.. (https://www.facebook.com/sujith68)
මේ දෙන්නා බත්තලං ගුණ්ඩුව ආසන්නයේම මුහුද මැද කුඩා වැලිතලාවක ඉන්නවා දැක්කා. හැබැයි ඒක බල්ලෙකුට පීනලවත් යන්න පුළුවන් දුරක් නෙමෙයි අපට තේරුනා මේ ගොල්ලො කවුරු හරි ගෙනැත් දාලා කියලා . අපි ආපහු හරවගෙන ගිහින් බැලුවා. බෝට්ටුව නවත්තපු ගමන් එක්කෙනෙක් ඇවිත් බෝට්ටුවට අත් දෙක තිබ්බේ බඩ ගින්න වැඩි කමටද බෝට්ටුවට නගින්නද දන්නෙ නෑ අපි උන් දෙන්නා බෝට්ටුවට නග්ග ගන්න හැදුවත් සාර්ථක වුණේ නෑ නෑ. උස්සලා අල්ලලා දාගන්න හදද්දි අපිව නුපුරුදු හින්දා හපා කන්න හැදුවා. අපි ළඟ තිබුණු බිස්කට් ඔක්කොම කන්න දීලා ගියා ගියා. එන ගමන් ලොකු බත් එකකුත් ගහලා ආවා වෙන කරන්න දෙයක් නෑ…
පහත දැක්වෙන් ඔවුන් මුදවා ගත් මානුෂීය මෙහෙයුම ගැන ඔවුන් තබා තිබූ සටහනයි.
බව්රාලලාව බේරගත්ත,
මානුෂීය මෙහෙයුම….
දූපතේ අතරමං කරපු
බව්රාලලාව බේරගත්ත,
මානුෂීය මෙහෙයුම….
පසුගිය දිනවල සමාජජාල මාධ්‍යවල සංසරණය උන බත්තලංගුන්ඩුව දූපතේ අතරමං කරල ගියපු බව්වො දෙන්න ගැන පණිවිඩය ගොඩක් අයට අපිට පෞද්ගලිකව යොමුකරල තිබුණා, මීට කලින් එහෙම බව්වො දෙන්නෙක් ඒ දූපතේ හිටියෙ නෑ කියන එක සහ ඒ අයට ආහාර සහ ජලය හිගකමක් තියෙනව කියන එකත් එම සටහන් වල සදහන් වෙලා තිබුන,
මේ දිනවල පුත්තලම ආශ්‍රිතව සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන Association of Veterinarians for Humane Management of Animal Population සංවිධානයෙ පශුවෛද්‍යය Chamith Nanayakkara මහතාට මේ ගැන දැනුවත් කරන්න අපි කටයුතු කලා, ඒ අනුව ක්‍රියාත්මක උන Vets For Future කණ්ඩායමට පුලුවන් උනා ලොකු මහන්සියක් සහ කැපකිරීමක් කරල මේ බව්වො දෙන්නව ඒ පරිසරයෙන් මුදවගෙන ආහාර ජලය තියෙන ආරක්ෂිත සුදුසු පරිසරයකට යොමු කරන්න,
ස්තූතියි ❤️
මේ වෙනුවෙන් මූලික උන පශුවෛද්‍යය චමිත් නානායක්කාර මහතාට, පශුවෛද්‍ය උදය මහතාට සහ Vets For Future කාර්‍යමණ්ඩලයට, මේ පිලිබදව සමාජමාධ්‍ය දැනුවත් කල සියලුම දෙනාට, Animal Welfare Coalition AWC – Sri Lanka සාමාජික Charuka Wickramasekara ට, වචනෙකින් හරි සහයෝගය ලබාදුන්න හැමෝටම







