අද වෙන්නප්පුව ප්‍රා.සභාවේදි පැවති දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වෙමින් ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ ,පාරසරික නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා විසින් අවධානයට ලක්කළ ප්‍රධාන කරුණක් වූයේ නව දේශපාලන සංස්කෘතියක් තුළ ප්‍රාදේශීය සභාවක කාර්යභාර්‍ය කෙසේ සකස් විය යුතුද යන්නයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කිරීමට නම් පුද්ගලික දේශපාලන අරමුනු පසෙකලා පොදු අරමුණක් වෙනුවෙන් වැඩකළ යුතු බවත් මීට පෙර ප්‍රා.සභාවල පැවති දේශපාලන ගැති ස්වභාවය නිලධාරින් වෙතින් තුරන් විය යතු බවත් නිනයෝජ්‍ය අමාත්‍යවරයා අවධාරනය කරන ලදි. තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ පවසන ලදී.
‘මේ ප්‍රාදේශීය සභාව ගත්තොත් ඉදිරි වසර 4තුළ තිබෙන ප්‍රා.සභාව. මම හිතනවා මේක අපි ,දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු තැනක ඉදලා තමයි අපි මේ ප්‍රාදේශීය සභාව බාරගත්තේ..අපි දැන් මැතිවරණ 3ක් නියෝජනය කරලා එවායේ ජයග්‍රහනය ලබාගෙන තිබෙනවා. මේ දක්වාම අපිට දීපු ජන්දයේ වටිනාකම අපි කිසිදිනක පලුදු කරන්නැ. ජනාධිපතිතුමා,පාර්ලිමේන්තුවේ මැත් ඇමතිවරු
අපි ඇවිත් ඉන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්න.ඒ වගේම වෙනස් කරන්න. මහජන මුදල් සතයක්වත් අවභාවිතයකට අපි ඉඩ දෙන්නේ නැ.ඒ වගේම අපතේ යන්න අි ඉඩ දෙන්නේ නැ.හැම සතයක්ම ඔබ බදුගෙවලා ,ඔබ ගන්න භාන්ඩ වලට ගෙවන බදු, ඒ වගේම ඔබ ගන්න බදු මුදල් එහෙම නැත්නම් දඩ මුදල්. මේ හැම මුදලක්ම මහජන මුදල්.එක සතයක්වත් අපි අපතේ යන්න ඉඩ දෙන්නේ නැ.එක එක්කෙනාගේ සාක්කු වලට යන්න ඉඩ දෙන්නැ. අපි අප්‍රේල් මාසේ මුලදි පනතක් ගෙනාවා ,මහජන මුදල් අවභාවිතා කරලා ,රැස්කරලා හොරකම් කරලා තියාගෙන ඉන්නවා නම් ඒවට දඩුවම් වගේම ඒවා රාජ සන්තක කිරීමට.
මම හිතනවා මින් ඉදිරියට අපේ දේශපාලන අධිකාරිය නියෝජනය කරන නියෝජිත නියෝජිතවරියන්ට වගේම රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය සේවකයින්ටත් මේ නීති අදාළයි.අපේ ප්‍රතිපත්ති දේශපාලනිකව වෙනස් වෙලා තියෙන්නේ.
ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තුළම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙනස්ම තැනකට අපිට ගෙනියන්න පුලුවන්. ලේකම්තුමා කිව්වා වගේ මේ ප්‍රාදේශීය සභාව ගොඩාක් උඩින් තියෙන ප්‍රා. සභාවක්. මුදල් අතින් ගත්තොත් කෝටි 40කට ආසන්න මුදලක් එකතු වෙනවා.ඒ වගේම තවත් රජයේ මුදල් ප්‍රමාණයක් එකෙන්ට එකත වෙනවා. මෙතුමන්ලා මෙතන යම් ප්‍රමානයක හොඳ වැඩ කරලා තියෙනවා මේ සභාව අනිත් ප්‍රාසභාවන්ට වඩා ඉහළට ගෙන්න.මම හිතනවා මේ ප්‍රා.සභාවේ සභාපතිතුමන්,උප සභාපතිතුමන් ලාගෙන් ඔබ සියලු දෙනාටම ,සියලූම මන්ත්‍රිවරුන්ට වැඩක් තියෙනවා.මොකක්ද ඒ මේ ප්‍රාදේශීය සභාව රටේ තියෙන හොඳම ඉහලම ප්‍රාදේශීය සභාව කිරීම. ඒ වෙනුවෙන් අපේ ලොකු කාර්‍යභාරයක් තියෙනවා.අපිට මධ්‍යම රජයෙන් කෙරෙන්න ඕනා කරන වැඩ ප්‍රමාණයකුත් තිබෙනවා. ප්‍රා.සභා බල ප්‍රදේශයේ මෙන්ම ,පළාත් සභාවනුත් අපිට කෙරෙන්න ඕනා වැඩ ප්‍රමානයකුත් තිබෙනවා. අපි අන්න ඒ වැඩ ප්‍රමාණය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් වශයෙන් රජයෙන්දෙන්න ඕනා උපරිම සහය අපි මෙතෙන්ට දෙන්න ඕනා.ඒක තමයි මගේ කාර්‍ය.මම ඒක කරනවා. ඒ වගේම තමයි පළාත් සභාව තුළින් අපිට ගන්න තියෙන සියලුම දේවල් පහසුවෙන් කරගැනීමේ වැඩපිළිවෙලක් පහසුවක් අපි සකස් කරගන්න ඕනා.තින් මගේ උපරිම දායකත්වය මේ ප්‍රා.සභාව ලංකාවේ තියෙන හොඳම ප්‍රා.සභාව බවට පරිවර්තනය කරන්න උපරිම දායකත්වය දෙනවා.අපි සියලුම දෙනාම එකතු වෙලා මේ ප්‍රා.සභාව ලංකාවේ තියෙන හොාඳම ප්‍රා.සභාව බවට පත්කරගන්න ඔිනා.
අපේ බලාපොරොත්තුව තමයි රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස කිරීම.ලස්සන ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලබාදීම.ඒ වෙනුවෙන් තමයි පි මේක පොහොසත් රටක් බවට පරිවර්තනය කරන්න ඕනේ.ඇත්තටම ගත්තොත් අපි පාරසරිකව පොහොසත් වෙන්න ඔිනා.වෙන්නප්පුව ප්‍රා.සභා බල ප්‍රදේශය වගේම රටක් හැටියට විශේෂයෙන් ගත්තොත් අපි පාරසරිකව හරි පොහොසත්. හැබැයි ජනතාව දුප්පත්.ඒකට විවිධ හේතු තියෙනවා.ඒ ගැන පසුවිපරමක් කරන්න ඕනා නැ.ඒ ගැන අපි දන්නවා. පැයක් පැය දෙකක් කතාකරන්න පුලුවන්.විවිධ දේශපාලන තින්දු වල තිබුන අඩු ලුහුඩු කම්.ඒ වගේම මුදල් අවභාවිතාවන්. ගොඩාක් දේවල් තියෙනවා.අපේ යුතුකමක් තිබෙනවා මේ රට පොහොසත් රටක් බවට පරිවර්තනය කරන්න.ඒ පොාහාසත් රටේ ලස්සන ජීවිතයක් උදාකර දිම තමයි අපේ ප්‍රමුඛතම කාර්යය.
මේකාර්යයේදි අපිට එක එක්කෙනාට තියෙන්න පුලුවන් දේශපාලන මති මතාන්තර.බොහෝවිට අපි දන්නවා ප්‍රා.සභාවක් ගත්තොත් සභාවේ සැලකිය යුතු ප්‍රමාණයක සේවක ප්‍රමාණයක් දාලා තියෙන්නේ දේශපාලන හිතවත්කම් මත.
දැන් ඒවා මෙතැන් සිට,අද සිට ඒවා අමතත කරන්න ඕනා.අපි දන්නවා වෙච්ච දේවල්.අද සිට මේක අමතක කරලා දාන්න ඕනා.මම කියන්නැ ජාතික ජන බලවේගයට වැඩකරන්න කියලා.බහුතරයක් ඉන්නවා ජාතික ජන බලවේගයට ජන්දය දුන්න. හැබැයි අපි මෙතැන් සිට දේශපාලනය අමතක කරන ඕනා. අමතක කරලා අපි අපේ පොදු අරමුණ වෙනුවෙන් වැඩකරන්න ඕනා.මොකක්ද පොදු අරමුණ ,පොහොසත් රටක ලස්සන ජීවිතයක් බිහිකරන්න ඕනා මිනිස්සු අපි ගොඩනඟන්න ඕනා.මෙන්න මේ කාර්යභාර්ය කිරීමේදි යම්කිසි පුද්ගලයෙක් ඒකට බධො කරනවා නම්, දේශපාලන උවමනාවක් වෙනුවෙන් කවුරුහරි බාධා කරනවා නම් එකේ ප්‍රතිවිපාකත් බලාගන්න වෙනවා.දේශපාලන මතයක් දරන්න පුලුවන්,හැබැයි කා් හරි උපකාරයෙන් මෙතෙන්ට ආවත් දැන් අපිට යුතුකමක් තියෙනවා මෙතෙන්ට යුතුකම් ඉටුකරන්න.ඒකට අපි සියලුම දෙනාගේ ,සියලුම කාර්ය මන්ඩලයේ ,පා.සභාපතිගේ,උප සභාපතිගේ සහයෝගය ලබාදෙන්න ඕනා.
ඉදිරි වදර 4 තුල අපිට මැතිවරණ නැ.දැන් අපිට තියෙන්නේ වැඩ කරන්න.’