
නීතිවිරෝධි ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගන්නා පුද්ගලයන් සෙවීමට බුද්ධි අංශවල සහය ඇතිව පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකින් පෙරේදා (18) දින ඉන්ධන තොග සඟවාගෙන සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඩීසල් ලීටර් 4,742ක් හා පෙට්‍රල් 874ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
බස්නාහිර, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ වැටලීම්වලදී මෙම ඉන්ධන තොග සොයාගෙන ඇත. මීගමුව පොලිස් වසමේ කටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බස් රථ හිමිකරුවකුට අයත් ආයතනයක් තුළ සිදු කළ වැටලීමකදී, ඩීසල් ලීටර් 3,532ක් අඩංගු බවුසර් රථයක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.







