spot_img
Saturday, March 7, 2026
spot_img

පන්නල බස් නැවතුම්පොළකදී යුවළකට වෙඩි !

Must read

Bianchi Cupවෙඩි තබා ඝාතනය කළ කාන්තාවකගේ සහ පුරුෂයෙකුගේ සිරුරු දෙකක් පන්නල ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ තිබියදී සොයාගත් බව පන්නල පොලිසිය කියයි.

අද (29 දා ) රාත්‍රී 7.45ත් 8.00 ත් අතර කාලය තුළදී පන්නල සහ වැටකෙයියාව අතර පිහිටි මෙම බස්නැවතුම්පොළ තුළදී වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වෙයි. මිය ගිය දෙදෙනාට අමතරව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා පන්නල දිසා රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කියයි.

වෙඩි තැබීම සිදු වූ ආකාරය මෙන්ම ඝාතනයට ලක් වූ පුද්ගලයින් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත. කවුරුන් විසින් කුමන හේතුවක් මත නිසා මෙම වෙඩි තැබීම සිදු කළාද යන්න අනාවරණය කර ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව මේ වන විට පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article