spot_img
Friday, March 6, 2026
spot_img

පොල් වගා කරුවන්ට සහන මිලට පොල් පොහොර

Must read

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් සහ පොල් වගා කිරිමේ මණ්ඩලයෙන් වැඩසටහන් කිහිපයක් ඊයේ (21) දින හලාවත වැවිලි සමගමේ පලුගස්වැව වත්තේ දි සිදු කරන ලදි.

පොල් වගා කිරිමේ මණ්ඩලය මගින් සහන මිලට පොල් පොහොර ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමිව පොල් වගා කරුවන් 146 දෙනෙක් සඳහා පොල් පොහොර මෙට්‍රික් ටොන් 30 ක් බෙදා දීම හා කප්රුක ණය වැඩසටහන යටතේ පොලි සහන හිමි වන පිරිස සඳහා එම පොලි සහන ලිපි ලබා දීම සිදු කරන ලදි. ඊට අමතරව වගා කරුවන් වෙත පොල් පොහොර භාවිතය, පොල් වලවල් සකස් කිරිම, පොල් වගාව හා ආශ්‍රිත රෝග හා මර්ධනය ආශ්‍රිත දැනුම බෙදා දිමේ දැනුවත් කිරිමේ වැඩසටහන් කිහිපයක් ද පලුගස්වැව වත්තේ දි සිදු කරන ලදි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදිප් මහතාද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුන් ද, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ඇතුලු ඉහළ නිළධාරින් පිරිසක්ද, හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් ද මේ සඳහා සම්බන්ධ විය.

    news.lk

    - Advertisement -spot_img

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -spot_img

    Latest article