spot_img
Saturday, March 7, 2026
spot_img

පොලිසිය අන්දන්න හිතාගෙන මුසාවාදා සරණ ගිය හිමි නමකට වැඩ වරදී.

Must read

monkයතුරුපැදි දෙකකින් පැමිණි තරුණයින් පිරිසක් විසින් ගිනි අවි පෙන්වා තමන්ට අයත් කොරොල්ලා වර්ගයේ මෝටර් රථයක් පැහැරගෙන ගිය බවට හිමි නමක විසින් නාරම්මල පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු රථවාහන අනතුරක් වසන් කිරීමට සහ පොලිසිය නොමග යැවීමට උත්සාහ කිරීමේ චෝදනා මත එම හිමි නම අත්අඩංගුවට ගනු ලැබූහ.

අදාළ හිමිනම සහ තම රියැදුරාද සමග තඹුත්තේගම ප‍්‍රදේශයට ගොස් ආපසු ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයට පැමිණෙමින් සිටින අතරතුරදී වාරියපොල ප‍්‍රදේශයේදී මෝටර් රථය යතුරුපැදියක ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම අනතුරින් යතුරුපැදිකරු මියයන්නට ඇතැයි සිතා රියදුරාගේ උපදෙස්මත තමන් පැමිණි මෝටර් රථය යතුරුපැදිකරුවන් 6 දෙනෙකු විසින් නවතා පැහැරගත් බවට අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවද එහිදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට පත් හිමිනම හා රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. එමෙන්ම වාරියපොල ප‍්‍රදේශයේ අනතුරක් සිදු කර පලා ඒම සම්බන්ධයෙන්ද නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

(ඉහත දැක්රූවෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article