මාදම්පේ,මහවැව,වෙන්නප්පුව,නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් ගෙවීගිය දින කීපය තුළ කොවිඩ් ආසාධිතයින් 23 දෙනෙකු හදුනා ගෙන ඇත.
නාත්තන්ඩිය අශෝකපුර ගම්මානයෙන් කොවිඩ් ආසාධිතයින් 04 දෙනෙකු හදුනා ගෙන ඇත.ඒ අතර කුඩා දරුවන් තිදෙනෙකුද වේ.හමුවී ඇති ආසාධිතයින් මීට පෙර අශෝකපුර ගම්මානයෙන් හදුනා ගෙන ඇති ආසාධිතයින් දෙදෙනාගේ ආශ්‍රිතයින් බවටද හදුනා ගෙන ඇත.
වෙන්නප්පුව – ගාලවත්ත ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයින් 08 දෙනෙකු හදුනා ගෙන ඇත.ඔවුන් දංකොටුව – හාල්දඩුවන ප්‍රදේශයේ ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි අයවළුන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන වෙන්නප්පුව – ලුණුවිල පදිංචිකරුවෙකුද කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.වෙන්නප්පුව – ලුණුවිල පදිංචිකරුවන් 06 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත. ඔවුන්ද දංකොටුව – හාල්දඩුවන ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයේ සේවය කළ අයවළුන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
බිංගිරිය ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි දෙදෙනෙකුද කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත.ඔවුන් මාදම්පේ – මහගම සහ මහවැව ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.මීට පෙරද මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය සේවිකාවක් කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගන්නා ලදි.ඇය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මහවැව සහ මාදම්පේ – කරුක්කුවටවන යන ප්‍රදේශ වලින් කොවිඩ් අසාධිතයින් දෙදෙනෙකු හමුවී ගෙන ඇතත් ඔවුන්ගේ පෙර ආශ්‍රිතයින් හදුනා ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ජූඩ් සමන්ත








