ඇෆ්ගනිස්ථානය, කැමරූන්, මියන්මාරය සහ සුඩානය යන රටවල පුද්ගලයන් සඳහා ශිෂ්‍ය වීසා නිකුත් කිරීම මෙම මාසයේ සිට නතර කරන බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් සඳහන් කරනවා. මීට අමතරව ඇෆ්ගනිස්ථාන ජාතිකයින් සඳහා ලබා දෙන නිපුණතා සහිත රැකියා වීසා (Skilled work visas) නිකුත් කිරීම ද අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. මේ සඳහා මැදපෙරදිග උද්ගතවී ඇති යුදමය තත්ත්වය ප්‍රධාන වශයෙන්ම හේතුවන්නට ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.







