spot_img
Saturday, March 7, 2026
spot_img

‘රටේ තත්ත්වය තේරුම්ගෙන සියලු පාසල් වසා දැමිය යුතුයි ‘ – ලංකා විදුහල්පති සංගමයේ සභාපති

Must read

 

school1

වර්තමානයේ රටේ පවතින තත්ත්වය තේරුම් ගෙන සියළුම පාසල් වසා දැමීම කඩිනමින් කළ යුතුව ඇතැයි, ලංකා විදුහලපති සංගමයේ  පියසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි. මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව රට ඉතාමත්ම අනාරක්ෂිත වී තිබෙනවා. මෙම තත්ත්වය පාසල් පද්ධතියට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. පාසල් දරුවන් කීප දෛනෙකුම මේ වන විට කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනා ගෙන තිබීම ඊට හේතුවයි.මෙම තත්ත්වය නිසා ඇතැම් දරුවන්ව දෙමව්පියන් විසින් පාසලට එවන්නේ නෑ.ඇතැම් විට අපි නොදැන රෝගී දරුවෝ පාසල් එනවා වෙන්න පුළුවන්.ඒ නිසා මෙම අවස්ථාවේ කඩිනමින් කළ යුතු වන්නේ සියළුම පාසල් වසා දැමීම බවයි අපගේ අදහස වී තිබෙන්නේ. බොහෝ පාසල් දරුවන් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවා.මෙම තත්ත්වය නිසා දරුවන් අනතුරුට පත්වීමේ අවදානම වැඩි බව අප අමතක නොකළ යුතුයි.

 

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article