ඉයේ (08)වයික්කාල ප්‍රෙද්ශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියක් පැළද සිටි රන් දම්වැලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවෙකුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන වෙන්නප්පුව පොලීසියට බාර දී ඇති බව වාර්තා වේ. ගම්වාසීන් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත්තේ කළුතර – මල්වත්ත පාර පදිංචි 29 හැවිරිදි අයෙකුවය.
දංකොටුව – ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මැල්ලව ආරච්චිගේ තරින්දි ඇන්ඩ්‍රියා ප්‍රනාන්දු ( අවු:18) යන අය යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇත. ඇය පසුපස යතුරු පැදියකින් පැමිණි අයෙකු විසින් කොල්ලය සිදු කර ඇත. එම අවස්ථාවේදී තරුණිය පදවා ගෙන පැමිණි යතුරු පැදිය පෙරළී ගොස් ඇත. යතුරු පැදිය පෙරළී යාමෙන් සහ රන් දම්වැල කඩා ගන්නා අවස්ථාවේ සැකකරු සමග පොර බැදීම හේතුවෙන් තරුණියගේ අත්, පාද සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුවී ඇත.
සිද්ධියට මුහුණ දුන් තරුණියගේ කෑගැසීම ඇසී ක්‍රියාත්මක වී ඇති ගම්වාසීන් කොල්ලකරුව අල්ලාගෙන පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
සැකකරු කොල්ලය සදහා පැමිණි යතුරු පැදිය සහ තරුණියගෙන් කොල්ලකන ලද රුපියල් 2,50,000 ක් පමණ වටිනා රන් දම්වැලද පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරු වෙනත් ප්‍රදේශ වල මෙවැනි කොල්ලයන් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.










