spot_img
Friday, March 6, 2026
spot_img

ලිහිරියාගම කනත්ත පාර තාමත් අන්ධකාරයි ?

Must read

ලිහිරියාගම – මැල්ලව අතර මාර්ගයේ සුසාන භුමි දෙකක් පිහිටා ඇති අතර ඒ ආසන්න මාර්ගයේ මීටර් 500ක පමණ දුර ප්‍රමාණයේ පිහිටා ඇති ලයිට් කණු 4ක් මේ වනවිට අදුරේ පවතින බව වාර්තා වේ. මෙම මාර්ගයේ සුසාන භුමි පිහිටා ඇති ප්‍රදේශයේ ජනාවාස අඩු බැවින් පාලු ස්වභාවයක් ද තිබේ. මැල්ලව පොළටත්, කහටවිල දෙසටත් සම්බන්ධයක් ඇති නිසා මෙම මාර්ගය භාවිතා කරන මගීන්ට රාත්‍රී කාලයේදී ආනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී ඇති බව පසුගියදා (14) පැවති වෙන්නප්පුව ප්‍රා.සභා රැස්වීමේදීද වාර්තා විය. මෙම ප්‍රෙද්ශය සවස් කාලය වනවිට පාලු ස්වභාවයක් උසුලන නිසාමත්,අතීතයේදී මිනීමැරුම් දෙකක් සිදුවී ඇති බවත්, මාල කැඩීම් වැනි සොරකම්ද සිදුවන බවත් ප්‍රා.සභා මන්ත්‍රි එස්.ඒ.දීපාල් මහතා පවසා සිටින ලදී. වසර 15කට පමණ උඩදී ප්‍රා. සභාව මගින් මෙම මාර්ගයට ලයිට් කනු 4 ක් සවිකර විදුලිය ලබාදුන් බවත් කාලයක පටන් එම ලයිට් කැඩී බිදී ඇති බවත්, එම හේතුවෙන් එම ලයිට් කනු සඳහා ලයිට් ලබාදෙන ලෙසත් දීපාල් මහතා යෝජනා කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article