spot_img
Friday, March 6, 2026
spot_img

වයඹ වෙරළ ආරක්ෂාව සහ දළුව බෝට්ටු ඇන්ජින් සොරකම

Must read

කල්පිටිය – දළුව ප්‍රදේශයේ මුහුදු වෙරළේ ගාල්කර තිබූ ධීවරයෙකුගේ බෝට්ටුවක එන්ජිමක් (913759 – සුසුකි 40) පෙබරවාරි 06 වනදා මධ්‍යම රාත්‍රීෙය්දී කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබේ. මේ සම්බන්ධයෙන් මේ වනවිට බෝට්ටුවේ හිමිකරු එස්.ඒ.සී අප්පුහාමි විසින් සමාජ මාධ්‍යට වීඩියෝවක් මුදා හැර ඇති අතර නොරොච්චෝලේ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම එන්ජිම සහ බෝට්ටුව ඉතාම මෑතකදී මිළදී ගත් එකක් බව හිමිකරු පවසයි. මෙම සොරකම සිදුකර ඇති ආකාරය පිළිබදව නිරීක්ෂණය කරන විට මෙම සොරකම ගොඩබිමින් පැමිණ සිදුකළ නොහැකි බව තමන් අනුමාන කරන බවත් ඊට අදාළව යම් සාක්ෂි තමන් සොයාගත් බවත් ඔහු පවසයි. එබැවින් මුහුදු මාර්ගයෙන්ම පැමිණ මෙම එන්ජිම සොරාගත් බවට ඔහු මෙන්ම ගමේ ධීවර ජනතාව සැක පහළ කර සිටියි.

හලාවත සිට කල්පිටිය වෙරළ තීරය තුළ නීතිවිරෝධී ඡාවාරම් රැසක් සිදුවන අතර ඒවා මැඩලීමට වෙරළාරක්ෂක බලකායේ ක්‍රියාකාරකම් රැසක් සිදුවෙයි. එසේ වුවත් මෙම මුහුදු තීරය හරහා සිදුවන නීති විරෝධී භාන්ඩ ප්‍රවාහනයද නවතින්නේ නැත. මෙවැනි අපරාධ ආරක්ෂක අංශ වල ඇසින් මිදී සිදුකිරීමට තරම් සූක්ෂකම මංකොල්ලකරුවන් සිටින බව යතාර්තයක් වුවද එවැනි සිදුවීම මගින් සාමාන්‍ය ජනතාවට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය නැතිවී යා හැක. සමාජ ආරක්ෂාව පිළිබද පදනම් බිදවැටී යයි. ධීවරයෙක්ට වෙරළේ සිය බෝට්ටුවක් ගාල් කර යාමට තරම් අනාරක්ෂිත තත්ත්වයක් එම ප්‍රෙද්ශයට උදාවී ඇති නම් එය පුළුල් අර්ථයෙන්ම වෙරළ ආරක්ෂාව සහ වෙරළාසන්න ජනතාවගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව ගැටලුවකි. මේ වන විට වයඹ මුහුදු වෙරළ හරහා මිගමුවට අයිස්, වැනි මත්ද්‍රව්‍ය පැමිණෙන බව නොරහසකි. සිගරට්, තෝරා බීඩි , දුම්කොල,කහ වැනි දෑ කොතෙකුත් අත්අඩංගුවට ගැණුනද මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම සිදුකෙරෙයි. රට තුළට දිනපතා මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් පැමිණෙයි.

මෙම බෝට්ටු ඇන්ජින් ඡාවාරම ගත් කළ එය හුදකලා සිදුවීමක් ලෙස තැකිය නොහැකි අතර මුහුදු මාර්ග වලින් සිදුකෙරෙන ජාවාරම් අතරට මෙම සිදුවීම්ද එකතු වී ඇත. ශ්‍රී ලංකා රජය මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් විශාල වියදමක් දරන අතර පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම ආයතන වගවිය යුතුය. නමුත් එසේ සිදුනොවන බව චාමර ලා වැනි ධීවරයින්ගේ දුක්බර සිදුවී්ම් වලින් පෙනී යයි. මෙවැනි ඛේදවාචක හමුවේ චාමරලාට සිදුවන්නේ ඉන්පසුව රට හැරයාමටය. මේ වනවිට ලංකාවේ ධීවරයින් විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇත. විවිධාකාර විෂම හේතු මුල්කොට සිය රැකියාව කරගැනීමට නොහැකි තත්ත්වයන් හමුවේ බොහෝ දෙනෙකු එසේ සිදුකරති.
වෘත්තියෙන් ධීවරයෙකු වන චාමර තමන්ගේම ව්‍යාවසායකත්වයෙන් ධීවර රැකියාව කිරීම සදහා බැංකු ණයක් මාර්ගයෙන් මෙම බෝට්ටුව මීලදී ගෙන මාසයක් පමණ කාලයක් ගතවී ඇත. එසේ තිබියදී පෙබරාවාරි 16 වනදා මෙම බෝට්ටුවේ එන්ජිම සොරකම් කර තිබේ. මේ වනවිට ඔහුට බැංකු ණය ගෙවාගෙන යාමට හෝ ආදායම් මාර්ගයක් නොමැති අතර ඉතාම දුෂ්කර තත්වයකට තමන් මුහුණ දී ඇති බව ඔහු පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article