‘පසුගිය නොවැම්බර් 11 වනදා පැවති වෙන්නප්පුව ප්‍රා.සභාවේ අයවැය විවාදය ආරභ කරමින් සභාපති ඇන්ටන් කුමාර මහතා විසින් නව රජයේ දේශපාලන හා ආර්ථික අරමුණු පැහැදිලි කළ අතර මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ නව දේශපාලන සංස්කෘතියකට මුලපිරීමට හැකිවූ බව අවධාරණය කරන ලදී. පහත පළවන්නේ ඒ් මහතා විසින් දැක්වු අදහස් කීපයකි.

”අපි දැවැන්ත වගකිමක් උර මත තබාගෙන , ඒ් සම්බන්ධයෙන් ඉතාම හොද සිහියෙන් අවබෝධයෙන්,ඒ් ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන්න අවශ්‍ය කටයුතු ගැන කල්පනා කරමින් තමයි මේ අයැවය අපි සකස් කලේ. මාස 05ක වගේ කාලයක් මේ සභාවේ පාලනය බාර අරගෙන , මංගල අයැවය ඉදිරිපත් කරද්දි අපි ඉන්නේ සංක්‍රාන්ති සමයක.මාස 06ක අයවැයක්,මාස 05කට ආසන්න ධූර කාලයක් ඒ් කාලය ඇතුලේ මේ රටේ දැවැන්ත වෙනස්කම් ප්‍රමාණයක් සිදුකරමින් නිශ්පාදන ආර්ථිකයකට මේ රට ගමන්කරවිමට අවශ්‍ය දායකත්වය දෙන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්.දශක 7ක දේශපාලන ඉතිහාසය ඇතුළේ අපිට දැවැන්ත වෙනසක් කරන්න පහුගිය ජනාදිපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාව මේ රටේ ජනාධිපති කළා. ඒ් වගේම ඒතනින් නොනැවතී මහ මැතිවරණයේදි 159ක ජයග්‍රහණයක් මේ රටේ ජනතාව ලබාදුන්නා. ඒතනිනුත් නොනැවතී පහුගිය පළාත් පාලන මැතිවරණය යටතේ බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය මේ රටේ ජනතාව අපට ලබාදුන්නා. ඒ් නිසා ජාතික ජන බලවේගය හැටියට අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට දශක ගණනාවක් පිල් මාරුවෙවී ආපු දේශපාලනයට තිත තියලා මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවෙන් අපේ රටට නව වරමක් ලබාදුන්නා. මම හිතන්නේ ඒ් ජනවරම ගැන ඉතාම හොදින් කියවමින් ජනතාව තවදුරටත් රවට්ටන්නැතුව නිවරදි විදයාත්මක දත්ත මත, යෝජනා සකස් කරමින් ඉන්න මොහොතක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. ඒ් වගේම තමයි මම කියන්න ඔ්නා.
මේ සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරයා හැටියට ඉන්න මොහොතේ අපි දැක්කා සමහර කමිටුවල හිටපු සමහර මන්ත්‍රීවරු ප්‍රභූත්වය ආරූඩ කරගෙන හිටියේ. ප්‍රභුත්වය ආරෑඩ කරගෙන , තමුන් ඒද්දි සර් කියන්න ඔ්නා. වදින්න ඔ්නා දනගහලා, සමහර නිලධාරී මේ සභාවේ. මට අද කියනවා ඒ් නිලධාරි. අන්න ඒහෙම පාදඩ දේශපාලන සංස්කාතියක් තිබුණේ. ඒ් දේශපාලන සංස්කාතිය ඉවර කරන්න අපිට හැකිවෙලා තියෙනවා මේ වෙද්දී. මේ කෙටි කාලය තුල අපි ඒ් දේශපාලන සංස්කෘතිය අවසන් කරලා තියෙනවා. ”







