spot_img
Saturday, March 7, 2026
spot_img

වැලි ප්‍රවාහනයක් නිසා ආරච්චිකට්ටුවේ ගම්වාසීන් පිරිසකට හිරිහැර

Must read

ආරච්ච්කට්ටුව ප්‍රා.ලේකම් කොට්ඨාශයට අයත් විජයකටුපොත මා එළිය ‘ කොරයා වත්ත
( ෂැම්රොක් වත්ත ) ,අක්කර 20කට වැඩි පොල් ඉඩමක වැලි හාරා සිදුකරන ප්‍රවාහනය කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මෙම වැලි හෑරීම මෙම දැනට මාස 3ක පමණ කාලයකදී ආරම්භ කර ඇති බවත් ප්‍රෙද්ශයෙන් වාර්තා වේ.
අදාළ ඉඩමෙන් ලබාගන්නා වැලි ප්‍රවාහනය කරනු ලබන්නේ විජයකටුපොත – අගුණවිල මාර්ගය සහ බෝගහ හන්දියේ සිට තාරවිල්ලුව මාර්ගයේයි.
මෙම මාර්ග වල බර ටොන් 10 කට වඩා වැඩි වාහන ගමන් කිරීම නිති විරෝධි වන අතර , මෙම නිතියට පටහැනිව වැලි ටිපර් විශාල සංඛ්‍යාවක් දිනකට මෙම මාර්ග වල ගමන් කරන බව ප්‍රදේශවාසින් පවසති. මෙම පාරවල් වල ගමන් කරන පාසල් ළමුන් ඇතුළු ජනතාවට විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව ඇති බවට ඔවුන් පවසති.

මෙම වැලි ටිපර් ගමන් කිරීම හේතුවෙන් අදාළ මාර්ග බරපතල ලෙස අබලන් වි ඇති නිසා ගම්වාසීන් විසින් මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති අතර මුන්දලම ප්‍රා.ලේ. කාර්යාලයේදී පැවති සංවර්ධන කමිටුවේදි ද මේ කරුණ සම්බන්ධයෙන් අවධානයට ලක්කර තිබේ.

දිගින් දිගටම සිදුකරන මෙම වැලි ටිපර් ගමන්කිරීම සම්බන්ධයෙන් 2025-08-07 වන දින තාරවිල්ලුව ප්‍රදේශයේදි ගම්වාසීන් පිරිසක් විසින් මෙම වැලි ටිපර් ප්‍රවාහනය නවතා ,විරෝධය දක්වන ලදී. මෙම අවස්ථාවට තාරවිල්ලුව ,බෝගහ හන්දිය,අගුණවිල,විල්පොත,බුරුතකැලේ ,
මා එළිය,විජයකටුපොත,අකරවෙල්ලිය ගම්වාසීන් පිරිසක් එක්වී තිබේ.මෙ අවස්ථාවේදී ගමන් කරමින් තිබූ ටිපර් රථ කීපයක් ගම්වාසීන් විසින් නවතාගෙන එම ස්ථානයට පොලිසිය කැඳවා ඇත.
පසුව ටිපර් රථ වල රියදුරන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් ඔවුන්ගේ කටයුුතු වලට බාධාකළ බවට චෝදනා කරමින් මෙම ගම්වාසීන්ට විරුද්ධව මුන්දලම පොලිසියට කරුණු දක්වා ඇත.
මෙම තත්ත්වය නිසා ගම්වාසීන් එක්ව ඔවුන්ගේ වැලි ටිපර් වල බර පාලම් තරාදිය මගින් කිරාබැලීමක් සිදුකර තිබේ. බර කිරීමේදී එක් සෑම ටිපර් රථයකම ටොන් 11ත් 12 ත් අතර බර ප්‍රමාණයක් තිබී ඇත. මෙම අවස්ථාවට මුන්දලම පොලිසිය ද පැමිණ ඇති අතර, පොලිසිය විසින් මෙම කරුණ අධිකරනය වෙත යොමුකර ඇත.

මේ වන විට මෙම මාර්ග ගමන් කරන වැලි ටිපර් සම්බන්ධ ගැටලුව පුත්තලම අධිකරණයේ විභාග වන නඩුවක් වන අතර එහි එක් නඩු වාරයක් සැප්තැම්බර් මස 24 වනදා පුත්තලම අධිකරණයේදි පැවැත්විණි. මෙදින වගඋත්තර පාර්ශවයෙන් ටිපර් රථ රියදුරන් 05 දෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර වැලි බලපත්‍ර හිමිකරුවන් කිසිවෙක් පෙනී සිටියේ නැත. ගම්වාසීන් 5 දෙනෙකු සහ එක් මහජන නියෝජිතයෙකු සාක්ෂිකරුවන් ලෙස අධිකරණය හමුවේ ඉදිරිපත්වී තිබේ. එදින විනිසුරුවරිය විසින් එම වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ වල බලපත්‍ර පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත්, ඒවා අධිකරනයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

අදාළ මාර්ගයේ ටොන් 10 ට වඩා බර වාහන ගමන් කළ නොහැකි බව දැක්වෙන පුවරුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article