Sunday, June 8, 2025

වැස්ස දිගටම

Must read

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් වැඩිවෙමින් පවතියි.එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු විය හැකිය. පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයාම් පිළිබඳව විමසිලිමත්වීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ. අද (19) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරුමැද පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. වයඹ, උතුරුමැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැ.කි.මී 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ඊයේ (18) පෙ.ව 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 128.9ක් ලෙස තබ්බෝවෙන් වාර්තා විය.

උපුටා ගැනීම – දිණමින

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article