spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

වැසි ජලයෙන් යටවු හලාවත රෝහල යළි යථා තත්ත්වයට

Must read

වැසි ජලය බැස නොයාම හේතුවෙන් වසා දමා තිබූ හලාවත මහා රෝහලේ වාට්ටු දෙක නැවත රෝගීන් සදහා විවෘත කර ඇති බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා සදහන් කරයි. 22 වැනිදා අළුයම පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාම නිසා හලාවත මහා රෝහලේ 4 සහ 5 වාට්ටු වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ව වෙනත් වාට්ටු වලට මාරු කර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කරන ලදි. එම වාට්ටු වල තිබූ වෛද්‍ය උපකරණ සහ සෙසු දේපල වැසි ජලයෙන් බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගන්නා ආකාරයද දක්නට තිබුණි.

22 සවස සහ 23 වැනිදා රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාට්ටු පිරිසිදු කිරීමෙන් අනතුරුව රෝගීන් නැවත නේවාසික කිරීමට කටයුතු කර ඇත. 

ඡායාරූප – ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article