spot_img
Friday, March 6, 2026
spot_img

විපක්ෂයේ ටෙන්ඩර් නියෝජනය ගැන සාකච්ඡාවේදී ආදර කතාවකුත් මතුවෙයි ?

Must read

වෙන්නප්පුව ප්‍රා.සභාවේ ටෙන්ඩර් මණ්ඩලයට සහභාගීවීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත පළනොවීම හේතුවෙන් මෙම ගැටලුව දිගින් දිගටම විපක්ෂ කණ්ඩයාම විසින් මතුකර සිටියි. පසුගිය 11 වනදා පැවති වෙන්නප්පුව ප්‍රා.සභා රැස්වීමේදී උප සභාපති ලාල් ප්‍රියන්ත සියඹලාපිටිය මහතා විසින් නැවතත් ටෙන්ඩර් මන්ඩලයට විපක්ෂ කන්ඩායමෙන් එක් නියෝජිතයෙකු පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාවේදී විපක්ෂයෙන් ඊට එකග නොවූ අතර ඒ සඳහා සිදුකළ ජන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය විසින් එක් නියෝජයක් සඳහා කැමැත්ත ලබාදුන් අතර විපක්ෂ කණ්ඩායමේ 19 දෙනා විසින් එයට විරුද්ධව ඡන්දය භාවිතා කරන ලදී. එම අවස්තාවේදී යෝජනාව ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය පහත දැක්වේ.

සුසන්ත ශ්‍රීනාත් මහතා,ඇලෙක්ස් නිසාන්ත මහතා ලාල් ප්‍රියන්ත මහතා
සුසන්ත ශ්‍රීනාත් මහතා,ඇලෙක්ස් නිසාන්ත මහතා ලාල් ප්‍රියන්ත මහතා (වමේ සිට)

ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා (පො.එ.පෙ)

පසුගිය සභාවාර වල අපි ඉල්ලිමක් කළා, අපිට ටෙන්ඩර් මන්ඩලයට අපේ විපක්ෂ කන්ඩායමට නියෝජනයක් ලබාදෙන්න කියලා. ඔබතුමාලා මේ විනිවිදභාවය පෙන්නන්න පුලුවන් අවස්ථාව අතහැරලා දැම්මා. දැන් මොකද දන්නැ මතක් වෙලා තියෙන්නේ විනිවදභාවය. අක්‍රමිකතාවයක් සිදුවෙලාද දන්නෑ කියන ඉගි වැටෙනවාද දන්නැ ඔබතුමාලාගේ හඳවත් වලට. අපි මුලින්ම ඉල්ලා සිටියා. දැන් අපි ගිලෙන්න යන නැවට නම් එල්ලෙන්න සූදානම් නැහැ සභාපතිතුමෙනි.
ඔබතුමාලා සභාවට කිව්වේ මේක අපි විනිවිදභාවයෙන් ගෙනියනවා, ඒ කාලේ අපි හොරකම් කෙරුවා, අල්ලපු හොරෙකුත් නෑ හැබැයි. එහෙම කියලා මෙකෙද දන්නැ අපි කෙරේ ආදරයක් ඇතිවුනේ කියලා අපිට සැකයක් ඇති වෙනවා සභාපතිතුමෙනි. මෙතන අපේ විපක්ෂයේ පක්ෂ කීපයක් සිටිනවා. එහෙම දෙනව⁣ා නම් අපිට අවස්ථා හතරක් අවශ්‍ය වෙනවා.අපේ හැම පක්ෂයම නියෝජනය වෙන්න ඕනා.

පා.සභා මන්ත්‍රී මලිත් සමීර පෙරේරා මහතා (සජබ)

ගරු සභාපතිතුමා ,අපි මේ යෝජනාව ඔබතුමාලට යෝජනා කරද්දි ,ඕගෙලේලන්ගේ පාර්ශවයේ 24 දෙනෙක්ම අලුත් මන්ත්‍රීවරු.අපෙත් බහුතරයක් අලුත් අය.අපිට ඇත්තටම උවමනාව තිබ්බ⁣ා මේ සභාව හොඳ මාර්ගයක අරන් යන්න. අපේ අරමුණත් ඒකයි ඕගොල්ලන්ගේ අරමුණත් ඒකයි.
සමහර වෙලාවට ඔයාලගේ මන්ත්‍රීවරු අපිට කතා කරලා කියනවා මන්ත්‍රීවරු විදිහට පොදු තීරනයට ආවාට ඕගොල්ලන්ගේ හඳවතේ තියෙනවා මේක වැරදියි කියන එක.
එදා ඔයගොල්ලන්ගේ පාර්ශවයෙන් අපිට කිව්වේ ‘ කිරි කලයට ගොම දානවා කියලා’ ඇත්තටම අපිට කණගාටුයි අපි අලුත් මන්ත්‍රිවරු විදිහට කොහොමද එහෙම හැඳින්වුයේ කියලා. මොකද අපි අලුත් මන්ත්‍රිවරු විදිහට කිසිම දුෂණයකට ,වංචාවකට සම්බන්ධ වෙලා නෑ. අපි කාගේවත් නම් දාන්න කියලා යෝජනා කළේ නෑ. දැන් එකපාරටම ගොම කිරි වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාත් ඒ වෙලාවේ හිටියේ ඉතාම අන්තගාමී සිතිවිල්ලක, වසර 18ක් මම මෙතක හිටියා,මටත් කෙණෙහිලිකම් වුනා කියලා. අපි හිටියේ නෑනේ මන්ත්‍රි මන්ඩලයේ. සුසන්ත මන්ත්‍රීතුමාලා තමයි ඒ කාලේ හිටියේ. ඒ ගොල්ලෝ කොහොම සැලකුවද කියලා ඇත්තටම අපි දන්නෑ. මම නම් ඔබතුමාට ඇත්තටම ගරුකරනවා. මම ඇත්තටම පුදුම වුනා ,අප් එක පාසලේ ඉගෙන ගත්ත සහෝදරයෝ හැටියට ඉදලා ,ප්‍රජාතන්ත්‍රවාදීව කතාකරපු මනුස්සයද මේ කතාකරන්නේ කියලා.
ඇත්තටම අපිට පොඩි සැකයක් තියෙනවා මොකද මේ එකපාරටම වෙනස් වෙන්නේ කියලා. මේ කමිටුව ඉතාම විනිවිදභාවයක් තියෙන්න ඕනා තැනක්,මේක අවුල් වුනොත් එහෙම මුලු සභාවටමයි එක එන්නේ. ලොකු කැලලක්.ඒ නිසා අපි කණ්ඩායම එකතු වෙලා මෙි ප්‍රශ්නය විසඳගම්මු. අපි රණ්ඩු කරන්න අවශ්‍ය නෑ.
මම හිතන්නැ මෙතිනන් මොනාවත් ගෙනියන්න කවුරුත් ඇවිල්ලා තියෙනවා කියලා. මොනාහරි ගමට ගෙනියන එකනේ හැමෝගෙම අරමුණ. ඒ නිසා කලින් තිබ්බ මුදල් කමිටුවම මේකට සම්බන්‍ධ කරගන්න කියලා මම යෝජනා කරනවා.

එහෙම අපට අවස්ථාවක් දෙනවා නම් සද්භාවයෙන් යුතුව , අපිට අවස්ථා 4ක් ලබාදෙන්න. ඒ ආකාරයට අවස්ථා 4ක් දෙනවා නම් අපි බාරගන්න කැමතියි,එහෙම නැත්නම් අපි මේ යෝජනාවට විරුද්ධබව ප්‍රකාශ කර සිටිනවා. 

 පා.සභා මන්ත්‍රී බ්‍රයන් පෙරේරා – (එජාප)

අපි උප සභාපතිතුමාට ඇත්තටම ස්තුති වන්ත වෙනවා මේ වගේ යෝජනාවක් ගෙනාපු එකට. ඉදිරියේදි අපිට මේ වෙන දේවල් හැටියට සමාජය හරි කවුරු හරි ඔබතුමන්ලාව හොරු බවට පත්කරන්න හැදුවොතින් අපිටත් කටවහන් ඉන්න වෙයි. ඔබතුමාන්ලා ටෙන්ඩර් මන්ඩල⁣යට බලය පවරලා තියෙන එකෙන් එහාට ගිහින් කටයුතු කරලා තියෙනවා දැන්මම.ඒ නිසා ඔබතුමාලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ප්‍රකාශ කරනවා.

සභාපති ඇන්ටන් කුමාර් මහතා (ජා.ජ.බ)

ප්‍රජාතන්ත්‍රවාදීව අපි අවස්ථාවක් දිලා තියෙනවා විපක්ෂයෙන් කරපු ඉල්ලීමට.ඒක ප්‍රතික්ෂේප කරනවා නම් මම බෙදිමක් ඉල්ලනවා. 

මට පොඩි අදහස් කියන්න ඕනා මේ සම්බන්ධයෙන්. ඇලෙක්ස් මන්ත්‍රිතුමාත් කිව්වේ විනිවිදභාවය ගැන ගැටළුවක්න තියෙනවද කියලා. ඒ වගේම අපේ නවක මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා.
වසර ගණනක් මේ සභාව නියෝජනය කරමින් ඒ වගේම අත්දැකීම් බහුල ,බොහෝ වාර ගණනක් මේ සභා වාරවල හිටපු ⁣ජේ්‍්‍ය්ෂ්ඨ මන්ත්‍රිවරු, මේ දේශපාලන පක්ෂ වල ඉන්නවා. සභාවේ කණ්ඩායම් රැස්විම් එහෙම තියෙනකොට ඒවල ඔබතුමාලා කතාකරනවා.සමහර ඒවල ඔලු වෙනස් නුනාට ඒ කඳ තමයි තියෙන්නේ. අපේ විනිවිදභාවය ගැන අපිට සැකයක් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කතාකරපු ආකාරය⁣ට ව්‍යාපාරිකයින්ට එන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරිකයින්ට, අපි ඒ ලියුම අපි යවලා තියෙනවා පළාත් පාලන එකට. සුසන්ත මන්ත්‍රීතමා එද⁣ෙ විමර්ශනයක් ඉල්ලුවා ඒ විමර්ශන වාර්තාව අනිවාර්යයෙන්ම ගේනවා. විමර්ශනයට යවලා තියෙනවා.ඒක ලබන ප්‍රා.සභාවේදි ඉදිරිපත්කරන්නම්. 

ටෙන්ඩර් මන්ඩලය සම්බන්ධයෙන් අපි මුලින් හිටපු තැන තමයි අපිට අවස්ථා 3ක් තියෙනවා. නෛතික බලය තියෙනවා. නෛතික රාමුවට පිටින් වැඩකරලා නෑ. නෛතික රාමුවට පිටින් වැඩකරලා නම් තමයි ඔබතුමන්ලා වගකියන්න ඕනා.

හැබැයි ඔබතුමාලාගේ සාධනීය ඉල්ලීමක් තිබුණා යම් අවස්ථාවක් දෙන්න කියලා. ඒකෙදි අපි පක්ෂ නියෝජනය කරමින් එක එක්කෙනාට දෙන්නැතුව ,ඉන්න දේශපාලන පක්ෂ සියල්ලටම නියෝජනයක් දෙමින් තමයි උප සභාපතිතුමා මේ යෝජනාව කරන්න ඇත්තේ. ඒ යෝජනාව හොඳ පෞර්ෂයක් ඇතිව බාරගන්න කෙනෙක් ඉන්නවා නමි ඒ යෝජනාවට පක්ෂ වෙලා බාරගනියි කියලා,එහෙම අභියෝගයක් බාරගන්න බැරිනම් අපිත් එක්ක එකතු වෙලා ටෙන්ඩර් කමිටුවේ වාඩිවෙන්න ,ඔබතුමාලට සැකයක් වගේ තියෙනවා නම් ටෙන්ඩර් කමිටුවේ වාඩ්වුනාම අපිට අගතියක් වෙයි කියලා..අපි අපේ වැඩේ කරන් යනවා ඔබතුමාලගේ විරෝධතාවයේ කිසිම ගැටලුවක් නෑ. ඔබතුමාලට පුලුවන් අදාළ විඝනන අංශ තියෙනවා,විමර්ශන කණ්ඩායම් ඉන්නවා.සෑම කෙනෙක්වම ගෙනත් ප්‍රශ්න කරන්න පුලුවන්.ඒ සියල්ල විවෘත කරලා තියෙනවා අලුත් පාලනය යටතේ අපේ රටේ.ඒක මම විශේෂයෙන් කියන්න ඕනා. ජනාධිපතිතුමාගේ පාර්ලිමේ්තුවේ ඉදලා සියලු පළාත් පාලන ආයතන වල මේ රටේ ජනතාව දුන්න ජන වරමට ඉඩදීල තියෙනවා.ඔබතුමාලටත් දැන් නීතියට යන්න පුලුවන්. අපිව ගෙනියනින පුලුවන නීතිය ඉදිරියට.අන්න ඒ අයිතිය අපි දීලා තියෙනවා දේශපාලන ව්‍යාපාරයක් විදිහට. ඔබතුමන්ලා එක් පිළිගනන නොගන්න එක ඔබතුමන්ලාගේ වැඩක්.

පා.සභා මන්ත්‍රී සුසන්ත ශ්‍රීනාත් මහතා (සජබ)

උප සභාපතිතුමාගේ පළමු කතාවේදි ඔබතුමන්ලා අපිට මිත්‍රත්වයේ දෑත් දිගු කරලා මේ සභාව කරගෙන යන්න සහයෝගය ඉල්ලුවා.එතනදි අපි ඔබතුමන්ලා එක්ක සංවාද කරලා මේ කමිටුවලට සාමාජිකත්වය 6ක් අරගෙන බෙදාගත්තා කමිටු නියෝජනය. මීට කලින් ප්‍රා.සභාවල මුදල් කමිටුව තමයි ටෙන්ඩර් බෝඩ් එක වෙලා තිබුනේ. ටෙන්ඩර් බෝඩ්එක තමයි උත්තරීතර තැන. ටෙන්ඩර් කඩන තැන, ඒවා බලන්න තියෙන,අධ්‍යන කරන්න තියෙන තැන. එතකොට ඒකෙදි අද ඔබතමාලා අද බලයට ආවේ රටේ තියෙන ප්‍රශ්න වලට දූෂණයට විරුද්ධව. ඒ ආපු කණ්ඩායමම ටෙන්ඩර් බෝඩ් එකට විතරක් අපි විතරක් ඉන්නවා කියද්දි ,ඒක ගැන සැකයක් සාමාන්‍ය පුංච් ළමයෙකුට වුනත් තේරෙන ප්‍රශ්නයකට යොමුවෙනවා මේ ප්‍රශ්නය. 

එතනදි ඇය් ඔබතුමාලා අපිව වැහැව්වේ,හරස්කෙරුවේ මොකක්ද ඒකට ආපු තීන්දුව? එහෙම නැත්නම් ඔබතුමාලා නිහඬව ඉන්නවා ඔබතුමාලාව දේශපාලන හස්තයකින් පාලනය කරලා,ඔබතුමාලාට නියෝග දෙනවා.නැත්නම්  ඔබතුමාලා 25 දෙනා විතරක් නිහඬව ඉන්නවා ඔබතුමාලාව දේශපාලන හස්තයකින් පාලනය කරලා ඔබතුමාලාට නියෝග දෙනවා මේ විදිහට කරන්න කියලා. නැත්නම් ඇයි ඔබතුමාලා 25 දෙනාට අපිව එතෙන්ට ගන්න බැරි ප්‍රශ්නයකට යොමු වුනේ. අපිව එපාවුනේ ? මොකද මේ ටෙන්ඩර් කමිටුවට විතරක්.

එතකොට අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා ඔබතුමාලා මේකේ ඔබතුමාලාගේ හිතවත් අයට මේ ටෙන්ඩ⁣ර් ටික දෙන්න තමා මේ ලෑස්ති වෙන්නේ කියලා.
අපි ඉල්ලුවා අපිට මේ ටෙන්ඩර් කමිටුවට සහභාගි වෙන්න දෙන්න කියලා.

එතකොට ඔබතුමාලා ඒකට අපිට කරපු දේ මොකක්ද? අපි ඒකට තර්ක කරද්දි ඔබතුමාලා අපිට මඩගැහැව්වා අපි හොරු වංචාකාරයෝ  ,’ඔයාලා  තමයි කිරි – අපි ගොම ‘ නිසයි මේකට ගත්තේ නැත්තේ කියලා මේ සභාවේ කතාකරන්න ඕනා නැති වචන කතාකළා. එතකොට සභාපතිතුමෙනි විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට එහෙම කියලා ,

ඔබතුමා දන්නවා පහුගිය ආන්ඩු කාලවල,ඒ කාලේ හිටපු අපේ හෙක්ටර්අප්පුහාමි මැතිතුමා තමයි අපේ විපක්ෂනායක,ට්‍රෙවින් ප්‍රනාන්දු සභාපති වෙලා ඉද්දි අපි මේ වගේ සංවාද කරනවා. ඒ තැන්වල හැසිරෙන ආකාරය අපිට කියලා දුන්නා.අලුතින් ආවාම හිතන්නේ අපි දිනලා ආවේ ඒ නිසා අපිට බලය තියෙනවා කියලා නමුත් පරදින වෙලාවකුත් තියෙනවා.ඔයිට වඩා බලය තිබුණ රජවල් පැරදිලා තියෙනවා. ඒක අපි දන්නවා. ඒ නිසා අපි එක ඔලුවේ තියාගෙන , මන්ත්‍රීවරුන්ට ගරුකරගෙන මේක යමු. නැත්නම් අපිට ආපස්සට හිතෙනවා අපි හැසිරිච්ච ආකාරය කියලා,තව අවුරුදු දෙක තුනක් අත්දැකීම් ලබද්දි. 

ඒ නිසා මම කියන්නේ ඔබතුමාලා අපිට මේ විදිහට කරලා අපිව එතනින් කපාහැරියාට පස්සේ අපි ඔබතුමන්ලාට ඕන හැටියට කරගන්න අපි කිසිම දේකට අනුමැතිය දෙන්නෑ කියන තැනට ආවා. ඔබතුමන්ලාගේ දේශපාලන මන්ඩලයට කිව්වට පස්සේ එහෙන් කිව්වද දන්නැ එහෙනම් එකක්වත් අපි දෙමු කියලා.

ඒ නිසා දැන් අපිත් ඉස්සර තිබුන විපක්ෂය නෙමේ, අපිට තනි තීන්දුවක් ගන්න පුලුවන් ඉස්සර. දැන් අපිට (සජබ) 8ක් තියෙනවා පොහොට්ටුවට 8 ක් තියෙනවා,අලියාට 1ක් තියෙනවා ඒ වගේ කණ්ඩයම බෙදිලා ඉන්නවා. ඒකෙදි අපිට තනි තීන්දුවක් ගන්න බැහැ ඒක අපි විතරක් ගන්නවා කියලා.අපි කණ්ඩායමක් එක්ක සාකච්ජා කරලා තීන්දුවකට ඇවිත් තමා අපි වැඩකරන්න ඕනා. අපි 19 දෙනාට බෙදෙන්න බැහැ.විපක්ෂයක් හැටියට අපි ඒ ශක්තිය දෙන්න ඕනා..මොකද අපි ඇවිල්ලා ඉන්නේ ආසන මට්ටමින්. ආසනේ ඡන්ද අරගෙන තමයි අපි ඇවිත් ඉන්නේ. 

මීට කලින් මුදල් කමිටුවම තමයි ටෙන්ඩර් කමිටුව.ඒ නිසා අපේ තිරනය ගැන අපි සාකච්ඡා කරලා උත්තරයක් දෙන්නම්. අපි මිත්‍රත්වයේ දෑත් දිගුකරද්දි  ඔබතුමාලා තමයි අපේ සහෝදරත්වය බාරනොගත්තේ

සභාපති ඇන්ටන්කුමාර් මහතා – හරි චුට්ටක් තරහා වෙලා ඉදලා ආ⁣යේ යාලු වෙන්න කතාකරාම ඔයා බයවෙලා.ඒකනේ ප්‍රශ්නේ. 

ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා (පො.එ.පෙ) – ඒ ආදරය හදිසියේ ආවේ ඇයි කියන එක තමා ආපු ප්‍රශ්නේ.

සභාපති ඇන්ටන්කුමාර් මහතා – ඔව් මන්ත්‍රිතුමා එහෙම වෙනවා ඔයා ආදරය කරලා නෑනේ.

උප සභාපති ලාල් ප්‍රියන්ත සියඹලාපිටිය මහතා – ඇත්තටම ටෙන්ඩර් කමිටුව විනිවිදභාවයකින් කරගෙන යනවා.කමිටුවේ 3 දෙනෙකුගේ සාමිජිකත්වය තමයි ඉන්නේ. දැන් ඔබතුමන්ලා විපක්ෂයක ගැන කතාකරනවා , එදා ඔබතුමන්ලා කතාකලේ සභික⁣යෝ කියලා.ඉතින් අපි හිතන්නේ ඔබතුමන්ලා එකට ඉන්නේ, එකම කන්ඩායම කියලා.ඔබතුමන්ලාට ඒ හැකියාව තියෙනවා නම් එක්කෙනෙක් දෙන්න.ආසන 25ම ජයග්‍රහණය කරලා ඉන්න අපි 3 දෙනෙක් ඉන්න තැනට ඔබතුමන්ලාගෙන් එක්කෙනෙක් දෙන්න.  විපක්ෂයක් හැටියටකවදාවත් මෙතන විග්‍රහ කලේ නෑ. සභිකයෝ හැටියට ඉන්නේ ඒ නිසා එක්කෙනෙක් දීමේ හැකියාව ඔබතුමන්ලාට තියෙනවා.

ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත (පො.එ.පෙ) – කණ්ඩායම වැඩිවීම පිළිබඳව තිබෙන ගැටලුව කුමක්ද?

සභාපති ඇන්ටන්කුමාර් මහතා – වැඩිවීම පිළිබඳව ගැටලුවක් නැ. ⁣කාර්්‍යය කරගෙන යද්දී තියෙන අපහසුතාවය , අපිට විනිවිදභාවය එක්කෙනෙක්ගෙන් ඇති කියලායි හිතෙන්නේ.

ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා – දැන්  ඔයාලගේ ආදරය අපිට වැඩිවෙලා ,දැන් අපේ විපක්ෂයේ ආදරය කැඩෙනවා එකට ගියොත්. එක්කෙනෙක්ව තෝරගත්තාම මෙතන ආදරය බිඳෙනවානේ. අපි යෝජනාව සටහන් කරගන්න.කලින් තිබුන මුදල් කාරක සභාවම ටෙන්ඩර් කමිටුව බවට පත්කරන්න. 

මෙම ටෙන්ඩර් කමිටුව සම්බන්ධ ඇතිවුන සංවාදය අවසානයේදි  ටෙන්ඩර් මන්ඩලයට විපක්ෂ කණ්ඩාමෙන් එක් සභිකයෙකු පත්කිරන ලෙස උප සභාපති  ප්‍රියන්ත සියඹලාපිටිය  විසින් ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සභිකයින් 25 දෙනා එකඟ වු අතර විපක්ෂයේ සාමාජිකයින් 19 දෙනා විරුද්ධව ජන්දය ලබාදෙන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article