spot_img
Friday, March 6, 2026
spot_img

වෙරළ  ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කළ වෙල්ලමංකරයේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Must read

වෙරළ  ආරක්ෂක බලකායේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ව වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කළ පුද්ගලයින් 06 දෙනෙකු අතරින් එක් අයෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසිින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව – වෙල්ලමංකරය පදිංචිකරුවෙකු වන 25 හැවිරිිදි අයෙකුවය.

ඉකුත් 04 වැනිදා සවස වෙන්නප්පුව – සින්ද්‍රාත්‍රිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත. සිද්ධියට මුහුණ දී ඇත්තේ වෙරළ ආරක්ෂක බලකායේ හලාවත කදවුරට අනියුක්තව සින්ද්‍රාත්‍රිය මාඔය වෙරළ ආරක්ෂක අනු ඛණ්ඩයේ සේවය කරන බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකි.එම නිලධාරීන් දෙදෙනා මුහුදු මගින් සිදු වන ජාවාරම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියදී පැමිණ ඇති පුද්ගලයින් 06 දෙනෙකුට එම නිලධාරීන්ට බැන වැදී ඔවුන් දෙදෙනාව වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කර ඇත.

එසේ තර්ජනය කළ පිරිස අතරින් එක් අයෙකු මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ජාවාරමේ නිරත වීම හේතුවෙන් අධිකරණය විසින් දඩුවම් නියම කර ඇති වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටද වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් හදුනා ගෙන ඇත. සිද්ධියට මුහුණ දුන් වෙරළ ආරක්ෂක නිලධාරීන් මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කර ඇත.ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව එක් සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති අතර,මෝටර් කාර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article