බහු දින යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදට ගිය ධීවරයෙකු ගැඹුරු මුහුදේදී යාත්‍රාවෙන් වැටී අතුරුදහන්වී ඇති බව වාර්තා වේ. මෙම ධීවරයා පසුගිය අප්‍රියෙල් 23 වනදා වෙන්නප්පුව – වෙල්ල්මංකරය ධීවර වරායෙන් තවත් ධීවරයින් 06 දෙනෙකු සමග “සංජන පුතා 13” නම් යාත්‍රාවෙන් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් ඇත.
අතුරුදහන් වී ඇත්තේ මහවැව – ඉහළ මහවැව පදිංචිව සිටි මහාමාලිගේ මනෝජ් දිනුවන්ත සිසිර (අවු:23) නම් තරුණ ධීවරයෙකි.
පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉකුත් 30 වැනිදා පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයෙන් තමන්ට දූරකතන ඇමතුමක් ලබා දී සංජන පුතා 13 යාත්‍රාවේ අනතුරු හැගවීමේ නලාව එක දිගටම නාද වන බවට පැවසුවේ යැයි එම යාත්‍රාවේ හිමිකරු වන මාරවිල – තල්විල පාර පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය ප්‍රභාත් සංජීව ජාන්ස යන අය පොලිසියට පැවසූ බවයි.
ඒ අනුව තමන් ධීවර දෙපාර්තමේන්තුවට අයත් රේඩියෝ මධ්‍යස්ථානයකින් යාත්‍රාවට කථා කළ බවද ඔහු පොලීසියට පවසා ඉකුත් 30 වැනිදා පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයෙන් තමන්ට දූරකතන ඇමතුමක් ලබා දී සංජන පුතා 13 යාත්‍රාවේ අනතුරු හැගවීමේ නලාව එක දිගටම නාද වන බවට පැවසුවේ යැයි එම යාත්‍රාවේ හිමිකරු වන මාරවිල – තල්විල පාර පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය ප්‍රභාත් සංජීව ජාන්ස යන අය පොලීසියට පවසා ඇත.







