spot_img
Saturday, March 7, 2026
spot_img

සාමය කඩකළ හමුදා නිලධාරීන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට

Must read

arrest-768x432(10.33am) මාරවිල පොලිස් ස්ථානයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරෙමින් එහිදී දේපල වලට හානි සිදු කළ බව කියන යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුව මාරවිල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

21 වැනිදා රාත්‍රී 8.00 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය – මයිලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.ඉන් එක් අයෙකු වව්නියාවේ පිහිටි ඉංජිනේරු බලකායද,අනෙක් අය කිලිනොච්චියේ පිහිටි 7 වන පා බල රෙජිමේන්තුවටද අනියුක්තව සේවය කරන බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති එක් හමුදා සෙබළෙකුගේ පියාව මාරවිල පොලීසිය විසින් 21 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.ඒ තවත් පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් හේතු කර ගෙන බව පොලීසිය කියයි.පොලිස් අත්අඩංගුවේ සිටින තම පියාව බේරා ගැනීම සදහා එම හමුදා සෙබළෙකු මුලින්ම පොලීසියට පැමිණ ඇත.පසුව ඔහු පිටත්ව ගොස් අනෙක් සෙබළා සමග පැමිණ පොලීසිය තුළ කළහකාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති හමුදා සෙබළුන් දෙනොව මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරයෙකු හමුවට යෙමු කර ඇති අතර,එහිදී අනාවරණය  වී ඇත්තේ ඔවුන් මත් පැන් පානය කර සිටින බවකි. සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article