spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වෙසක් දා සද්කාර්යයක්

Must read

කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ දෘෂ්‍යාබාධිතයින් ට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හලාවත මහා රෝහලේ සාමාජිකයින් කටයුතු කරන ලදි. ඊයේ දිනට යෙදී තිබුණු වෙසෙක් පොහොය දිනයට සමගාමීව මෙම කටයුත්ත සිදු කරන ලදි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නැගෙන හිරු දෘෂ්‍යාබාදිත පදනමේ සාමාජිකයින් සදහා ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් වියලි ආහාර පිරිනැගීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හලාවත මහා රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය සරත් ගමගේ මහතා ඇතුළු සාමාජිකයින්ද,  ශ්‍රී ලංකා නැගෙන හිරු දෘෂ්‍යාබාධිත පදනමේ සභාපතිනී ඩබ්ලිව්.එම්.ප්‍රිම්රෝස් මහත්මියද එක්ව සිටියාය.

 

04 (4)07 (1) 01 (1) 08 (1)

 


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article