spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

මුහුදේදි අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනාව ධීවරයින් සොයා ගනියි

Must read

දෙවන සංස්කරණය – පසුගිය 12 වනදා සවස හලවත වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් නැවත ගොඩබිමට පැමිණ නොමැති බව වාර්තා වූ අතර අතර ඊයේ (13) සවස ගමේ ධීවරයින් පිරිසක් විසින් මෙම ධීවරයින් දෙදෙනාව සොයාගෙන තිබේ. ඒ වනවිට අතුරුදහන්වූ ධීවරයින් දෙදෙනො ගමන්ගත් බෝට්ුවේ එන්ජිම අකර්මන්‍ය විම නිසා බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබී ඇති බවත් වාර්තා වේ. මෙම ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ.

මෙම ධීවරයින් දෙදෙනාගේ අතුරුදහන්විම සම්බන්ධයෙන් ධීවරයෙකුගේ බිරිද විසින් හලාවත පොලිසියට 13 වනදා පැමිණිල්ලක් සිදුකර තිබේ. ඒ අනුව ඔවුන්ගේ තොරතුරු -OFRP-A-8706 CHW දරණ කුඩා ධීවර යාත්‍රාවෙන් ධීවර රැකියාව සඳහා පිටව ගොස් ඇති අංක 83/7, කොළණිය වැල්ල, හලාවත ලිපිනයේ පදිංචි වර්ණකුලසුරිය සැමියෝ ධනුෂ්ක රුද්‍රිගු (ජා.හැ 198628402650 හා අංක 175, තාලඩිය වැල්ල, හලාවත ලිපිනයේ පදිංචි වර්ණකුලසුරිය ඇන්ටන් සුරේෂ් කුමාර් ප්‍රනාන්දු (ජා.හැ 772063768V) යන අය වෙති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article