සීමා සහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ බහුතර බලය දිනා ගන්නට ජාතික ජන බලවේගය පක්ෂයට හිතවාදී කණ්ඩායම පසුගිය 14 වනදා සමත් විය.
හලාවත විවිධ සේවා සමුපාකර සමිතිය කාරක සභා නියෝජිතයින් තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීම ඉකුත් 14 වැනිදා පවත්වන ලදි.ප්රාදේශික 17 ක් සදහා කාරක සභිකයින් 83 දෙනෙකු තෝරා ගැනීම මෙහිදී සිදු විය.එම ඡන්ද විමසීමේදී කාරක සභිකයින් 50 දෙනෙකු ජාතික ජන බලවේගය පක්ෂයට හිතවාදී කණ්ඩායමෙන්ද,33 කු පොදු විපක්ෂයට හිතවාදී කණ්ඩායමෙන්ද තේරී පත්වී ඇත.තේරී පත්වී කාරක සභිකයින් අතරින් අධ්යක්ෂක මණ්ඩය තෝරා ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇත.
සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලනය වසර 17 ක පමණ කාලයක් පවත්වා ගෙන ගොස් ඇත්තේ පොදු ජන පෙරමුණ පක්ෂයට හිතවාදී කණ්ඩායමක් විසිනි.







