spot_img
Friday, March 6, 2026
spot_img

හෙට සිට ෂොපින් බෑග් භාවිතය අඩු කරමු!

Must read

ෂොපින් බෑග් භාවිතය අවම කිරීමේ රජයේ වැඩපිලිවෙල හෙට (1) සිට ඇරඹීමට නියමිතය. ඒ අනුව පාරිභෝගික අධිකාරිය විිසින් ලංකාවේ සියලූම වෙළදසැල් වල හෙට සිට ෂොපින් බෑග් නොමිළේ නිකුත් කිරීම අත්හිටුවන ලෙස දැනුම් දී ඇති අතර ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත. හෙට සිට ෂොපින් බෑග් සදහා සදහා මුදලක් අයකරනු ලබයි. මධ්‍යම ප්‍රමාණයේ බෑගයකට රු 3 කුත් ලොකු බෑගයකට රු 5 කුත් මිලකර ඇත. ෂොපින් බෑග් අවම කිරීම හෝ නැතිකිරීම, පාරසරික ගැටළු රාශියකට විසදුමක් වන අතර පරිසරය රැකගැනීමට ද මෙවැනි විනාශකාරී අමුද්‍රව්‍ය භාවිතාවෙන් ඈත් විය යුතුය. ප්ලාස්ටික් වලින් තොර පාරිභෝජන රටාවක් හුුරුකිරිමට නම් ඒ සදහා විකල්ප වලට යා යුතු වන අතර ඉදිරියේදී අපේ රටට කඩදායි බෑග් ,රෙදි බෑග් බහුලව හා අඩුමිළට අවශ්‍ය වනු ඇත. මහ මග, ගංගා ඇලදො වල , මුහුදේ ,කාණු වල පරිසරයේ විසිකර දමන , දකින්න අප්‍රසන්න මේ ෂොපින් උර ,ෂොපින් බෑග් හෙට සිට අවම කිරීම පරිසරයට ආදරේ කරන සියලු ලංකාවාසී සැමගේ අරමුණ විය යුතුය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article