මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරු 10.00 ට අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ දී සිදු කිරීමට නියමිතය.
2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු සඳහා මෙලෙස සිසු හෙද පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබයි.
මෙම අවසථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.








