Breaking News

Recent Posts

එල්ටීටීඊය වළ දැමූ අතීතය නාවික හමුදාවෙන් ගොඩ ගනී !

ltte_bombs_1

එල්ටීටීඊ සාමාජිකයින් විසින් මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ කැලෑබද පෙදෙසක වළ දමා සගවා තිබු බවට සැකකෙරෙන බෝම්බ සහ මෝටාර් උණ්ඩ ඇතුලු අවිආයුධ තොගයක් ආරක්ෂක අංශ විසින් අද (23 දා) ගොඩට ගනු ලැබීය. වන්නි ගුවන් හමුදා කදවුරු බුද්ධි අංශ නිලධාරින් විසින් අනාවරණය කරගත් තොරතුරක් මත මෙම ආයුධ තොගය සොයාගත් බව ආරක්ෂක අංශ කියයි. ...

Read More »

“තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළි දක්වයි

DSCN4346

ලබන මාර්තු 31 සිට අප්‍රේල්  4 දක්වා  බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වීමට නියමිත “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම  පසුගියදා සිදුකෙරිණ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ සහ ජනාධිපති කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක ...

Read More »

ඉබ්බාගමුව සංවර්ධන කමිටුවේදී සම සභාපති කමල් ඉන්දික රාජ්‍ය නිලධාරින් එක්ක පැටලෙයි !

ayg_2017_3_17

අධ්‍යාපන අධ්‍යක්ෂ සම්මුඛ පරීක්ෂණයේ බාලගිරි දෝසය නිමයි ! වයඹ පළාත් සභාවේ නියෝජිත ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහ හදිසියේ රෝහල් ගතවීම හේතුවෙන් අවලංගු කෙරුණු, වයඹ අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට නිලධාරියෙකු පත්කිරීම සදහා වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය දෙවැනි වරටත් රැස්වන්නට දින නියම කරගෙන තිබුණේ පසුගිය බදාදාය. ලේකම් වික‍්‍රමසිංහගේ ...

Read More »

බිග් මැච් මැද්දේ ගුටිකෙළි ! (VIDEO)

big_match_case

කුරුණෑගල මලියදේව සහ ශාන්තආනා දෙවිදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගය අද (17 දා) පෙරවරුවේ කුරුණෑගල වෙළගෙදර පිටියේදී ආරම්භ විය. ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී එය නැරඹීමට පැමිණ සිටි විදුහල් දෙක නියෝජනය කරන සිසු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය. රතිඤ්ඤා පත්තුකිරීමක් මුල්කරගනිමින් දෙපිරිස අතර ඇති ...

Read More »

විශ්වාසභංගයේ උණුසුම ඉන්දුනිසියාවටත් දැනෙද්දී ආණ්ඩු පක්ෂයේ ගුටි කෙළියක් නූලෙන් වැළකෙයි !

ayg_2017_3_10

සාලින්දගෙයි, අලවතුවලගෙයි බෝල්වලට දයාසිරි බැට් කරයි. වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ අනුහසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් එකම වේදිකාවක වාඩි වී උත්සවවලට සහභාගිවීම මේ වන විට සුලබ දසුනක් වී ඇති නමුත් එජාපය, ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධය යන පිල් තුනම නියෝජනය කරන මැති ඇමැතිවරුන් එක තැනකට එකතුවන ...

Read More »

විශ්වාසභංගයේ මහ මෙහෙයුම්කරු පළාත් සභාවේදී පුටුව කඩාගෙන බිම වැටෙයි ! (ඡායාරූප)

sumith_down

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සුමිත් රාජපක්ෂ මහතා වාඩි වී සිටි පුටුව කඩාවැටී මන්ත්‍රීවරයා බිම ඇදගෙන වැටීම සුවිශේෂි සිදුවීමක් විය. බිම ඇදගෙන වැටුණු මන්ත්‍රිවරයාට අත දී නැගිට්ටුවීමට ආණ්ඩු පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ...

Read More »

අමරා පියසීලි පුටුවෙන් බස්සවන්න මහින්ද – මෛත‍්‍රී දෙපිලම වයඹදී එක්වෙති.

ayg_2017_3_3

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 36 ක් ? ගෙවුණු සතියේදී වයඹ පළාත් සභාව පැත්තෙන් වැඩි සද්ද බද්ද නැගුණේ නැති නමුත් ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ගෙනඒමට යන විශ්වාසභංග යෝජනාවට අදාළ වැඩකටයුතු නම් සීරුවට සිදුවෙමින් තිබිණි. මීට දෙවසරකට පෙරදී ආණ්ඩුකාරවරියට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාව මෙන් නොව මෙවර ඉදිරිපත්කිරීමට යන ...

Read More »

කාලික වකුගඩු අකරණිය හෙවත් නිහඩ මාරයා….?

kidney-transplant-250x250

(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. ) කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD) ලෙස හැදින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර ...

Read More »

ප‍්‍රධාන කර්තෘ ඉවත් කිරීමට විරෝධය දක්වා ඉරුදින සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති.

irudina copy

‘ඉරුදින’පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලු රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක මහතා විසින් පෙබරවාරි 27 දිනැති දාතමින් යුතුව නිකුත් කර ඇති ...

Read More »

අහසට වෙඩි තියද්දීත් තුවක්කුවට බය නොවූ ව්‍යාපාරික සමරසේකරගේ පපුවටම උණ්ඩයක් !

uyandana_shoot

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කුරුණෑගල, උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධිය ආසන්නයේදී පෙරේදා (26 දා) රාත‍්‍රියේදී කළ වෙඩි තැබීමකින් 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ඝාතනය වී ඇත්තේ කුරුණෑගල, හිදගොල්ල ප‍්‍රදේශයේ පදිංචි එච්. සමරසේකර බණ්ඩා නැමැති ව්‍යාපාරිකයෙකි. කුරුණෑගල, ගැට්ටුවාන හන්දිය ආසන්නයේ පිහිටි රටබීම අලෙවිහලක හිමිකරුවෙකු වන සමරසේකර මහතා එක් ...

Read More »

බැසිල්ගේ ලේකම් සභාපති පුටුවේ වාඩිකරවීමේ ඇමැති දෙහිගමගේ සිහිනය බිදවැටෙයි !

ayg_2017_02_23

ආණ්ඩුකාර පියසීලිට එරෙහි විශ්වාසභංගයට පණ ආ හැටි. වයඹ ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් දෙවැනි වරටත් මුල පිරුවේ පසුගිය සතියේදීය. 2015 මාර්තු මාසයේදීත් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ආණ්ඩුකාර පියසීලිට එරෙහිව මේ අයුරින්ම දෝෂාභියෝග යෝජනාවක් ගෙනා නමුත් අන්තිමේදී එම දෝෂාභියෝගයට සිදුවූයේ නටපු නැටුමකුත් නැතිව, බෙරේ පලුවකුත් නැතිවුණු ...

Read More »

රත්කරව්වේ භූගත කසිප්පු ගබඩාවක් පොලිසියෙන් වටලයි.

ratkarawwa_kasippu

රත්කරව්ව, වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන මහා පරිමාණ කසිප්පු නිෂ්පාදන තිප්පොළක් වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරිහු බැරල් තුළ බහා පොළව යට ගබඩාකර තිබූ ගෝඩා ස්ප‍්‍රීතු තොගයක් සමග එම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුද පසුගියදා අත්අඩංගුවට ගත්හ. පොළව යට ගබඩා කර තිබූ ගෝඩා ලීටර් 360ක්, කසිප්පු බෝතල් 18 ...

Read More »

ලෝකයම එරෙහි වෙද්දීත් නොසැලුණු දෙහිගම බැසිල්ගේ ලේකම් සභාපති පුටුවේ ඉන්දවයි.

ayg_2017_02_17

වයඹට ලැබෙන – නොලැබුණු දේවල් ගැන ජනපති කතා කරයි. උත්සව සහ විවෘත කිරීම් කිහිපයක් සදහා ජනපති මෛත‍්‍රී කුරුණෑගලට ආවේ පසුගිය ඉරිදාය. කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි ඇමැති නාවින්නගේ අමාත්‍යංශ ගොඩනැගිල්ල වෙත පළමුව ගිය ජනපති එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාල ද්විත්වය විවෘත කළේය. අනතුරුව ඒ ...

Read More »

තොරතුරු පනත ගැන කුරුණෑගල මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ.

rti_kurunegala

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව කුරුණෑගල දිසාවේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුලුවක් මේ වන විට කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම වැඩමුලුව සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය නි‍යෝජනය කරන මාධ්‍යවේදීහු 28 දෙනෙකු පමණ සහභාගි වී සිටිති.

Read More »

මගුල් මේසයේදී හමු වූ ඇමැති ටී.බී.ගෙන් ආණ්ඩු පෙරළිය ගැන මහින්දට පන්තියක් !

ayg_2017_02_09

නිදහස් දින ඇරැයුම ඉවත ලූ මහින්ද ජල ව්‍යාපෘතියක් විවෘත කරන්න කුරුණෑගල එයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුලු රජයේ මැති ඇමැතිවරුන් ත‍්‍රිවිධ හමුදා උත්තමාර මධ්‍යයේ කොළඹ ගාලූමුවදොර පිටියේදී හැට නව වැනි නිදහස් දිනය සමරද්දී හිටපු ජනපති මහින්ද නිදහස් දිනය ගතකළේ කුරුණෑගලදීය. හමුවීම්, විවෘත කිරීම්, සාකච්ඡා, රැස්වීම් මෙන්ම විවාහ ...

Read More »