Tuesday, May 7, 2024

නව මාදිලියේ හරිත බක් මහ උළෙලක් 28 දා ගල්ගමුවේ දී

Must read

නූතන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු සනාතනික සබැඳියාව තහවුරු කිරීම අරමුණු කර ගත් හරිත බක් මහ උළෙලක් මෙම අප්‍රේල් 28 ඉරු දින පෙ.ව 9.00 සිට කොළඹ-කුරුණෑගල (ඇල්ල හරහා) අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව සමීපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය “ඇත් පිළිරුව” අබියස දී පැවැත්වේ.සෙනරත්ගම ඇතුළු අවට ගම් වාසීන් ගේ පූර්ණ සහයෝගයෙන් මෙම හරිත බක් මහ උළෙල ගල්ගමුව ප්‍රාදේශීය සහාව සහ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය මඟින් සංවිධානය කොට තිබේ.ගල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි ඕනෑම අයකුට සහභාගී විය හැකි මතු දැක්වෙන කාණ්ඩ යටතේ තරඟ මෙහි පැවැත්වීමට සැලසුම් කොට ඇත.

(අ) 2024.04 30 දාට වයස අවුරුදු දොලහට අඩු වයස් කාණ්ඩයේ දරුවන් සඳහා මතු සඳහන් ළමා තරඟ පෙරවරුවේ පවත්වා තෑගි දී නිමා කිරීමට අපේක්ෂා කෙරේ

01:ගැමි සමාජ නිරූපණ ඇඳුම් තරඟය(ගොවියා,ගෙවිලිය,මඟුල් කපුවා,කත් කාරයා,ශාස්ත්‍ර කාරිය ආදී වශයෙන්)

02:හොඳම ජන ගායනය(ඕනෑම ජන ගායනයක් ඉදිරිපත් කළ හැක)

03:ස්වාභාවික ශාක පත්‍ර හඳුනා ගැනීම

04:සොබා දම සුරැකීම පිළිබඳ කථික තරඟය

05:සොබා දහම,පරිසරය තේමා කොට ගත් ක්ෂණික රූ රටා නිර්මාණය

(ආ) මෙම බක් මහ උළෙලේ මතු සඳහන් විවෘත තරඟ තරඟ පස්වරුවේ පවත්වා තෑගි දී නිමා කිරීමට අපේක්ෂා කෙරේ

01:පොල් අතු විවීම

02:හොඳම ජන රංගනය(බලි තොවිල් ශාන්ති කර්ම ,සොකරි,කෝලම් ආදිය ඇසුරින්)

03 රසවත්ම ජන කතාව/ජනප්‍රවාදය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article