ශ්රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය මුහුදු ප්රදෙිශයේදි පසුගිය 13 සිදුකළ මෙහෙයුමකදී නිතිවිරෝධි ලෙස රැගෙන එමින් තිබු වියලි ඉගුරු තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව නාවුක හමුදාව මඟින් මුහුදු ප්රදෙශයේ පාවෙමින් තිබු ඉගුරු උර 26ක් (කිලෝ 1189ක්) හමුදා බාරයට ගෙන ඇති අතර ඒවා කල්පිටිය පොලිසිය වෙත බාරදිමට කටයුතු කර තිබේ.








