දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ රට යළි ගොඩනැගීම සඳහා රජය ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රුපියල් මිලියන 2.5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ඊට අදාළ චෙක්පත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ භාර දෙන ලදී.
මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල, භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය දිලීප අමරසූරිය යන මහත්වරුන් ඇතුලු සාමාජිකයන් එක්ව සිටියහ.







