ලෙඩා මළත් බඩ සුද්දයිලු! ඇයි එහෙම කියන්න හේතුව මේ කියමන වර්තමාල රජයටත් ගැලපෙනවා.මාලිමා රජය හොරු අල්ලනවා හිරේ දානවා. ජනතාවට ලැබෙන ආධාර ගෙදර ගෙනියන්නැ ලෝභ නැතුව බෙදනවා. නමුත් අනිත් පැත්තෙන් ජනතාව කොටසක් පීඩා විදිනවා හේතුව රජයේ ආර්ථික ප්රතිපත්ති නිසා.
ලෝක වෙළඳපොළේ රත්තරන් මිල එකපාරටම වැඩි වුණා.
ඒ නිසා මිනිස්සු බැංකුවේ තියපු රත්තරන් වල වටිනාකමත් වැඩි වුණා. හැම බැංකුවක්ම ඒ වටිනාකමට වැඩිපුර සල්ලි දුන්නා. මිනිස්සු ඒ සල්ලි අරගෙන කෑමට, බෙහෙතට, දරුවන්ගේ ඉගෙනීමට වියදම් කළා.
දැන් මොකද වුණේ?
රජයෙන් අලුත් නීතියක් ගෙනල්ලා කිව්වා, රත්තරන් වල වටිනාකමින් 70%යි දෙන්න පුළුවන් කියලා.
ඒ කියන්නේ කලින් 90%ක් විතර දුන්න කෙනෙක්ට දැන් 70%යි.
එතකොට ප්රශ්නේ මොකක්ද?
උදාහරණයක් විදිහට හිතන්නකෝ.
කලින් රත්තරන් ලක්ෂ 10කට ඔයා ලක්ෂ 9ක් ගත්තා කියලා.
දැන් නීතියට ඒක ලක්ෂ 7යි.
එතකොට අර වැඩිපුර ගත්ත ලක්ෂ 2 එකපාරම බැංකුවට ගෙවන්න වෙනවා.
ආදායමක් නැති මනුස්සයා මේ සල්ලි ගෙවන්නේ කොහොමද? බැංකු වලින් සහන කාලයක් දීලා තිබුනත් ජනතාවට මේ තියෙන ආර්තික ප්රශ්න අනුව ඒවා ගෙවන්නේ කොහොමද කියන එකයි ප්රශ්නේ.
ඒක තමයි ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කියන්නේ.
හොරු අල්ලන එක හොඳයි. ඒකට අපි විරුද්ධ නෑ.
ඒත් මේ වගේ තීරණ ගද්දි අසරණ මිනිස්සු ගැනත් හිතන්න ඕන නේද?
මේ අලුත් නීතිය රජය ආපහු හකුලා ගන්න ඕන.
රජය හොරු දුෂකයෝ අල්ලන එක ගැන සතුටු වුණාට අපිව මෙහෙම අසරණ කරලා බදු වැඩි කරලා ජනතාවගේ බඩට ගහන එක සාධාරණ නෑ නේද?
දිල්හානී නිෂාදි පෙරේරා







