spot_img
spot_img
Thursday, November 26, 2026
spot_img
spot_img

පික්මී ඇප් එකේ ලොකේෂන් අවුල නිසා පාරිභෝගිකයින්ට කුණු බැණුම්!

Must read

පික්මී ඇප් එකේ ලොකේෂන් අවුල නිසා පාරිභෝගිකයින්ට කුණු බැණුම්!

මේ දවස්වල පික්මී ඇප් එකේ ලොකු අවුලක් තියෙනවා.

ඒ නිසා අපි වගේ පාරිභෝගිකයින්ට රියදුරන්ගෙන් බැණුම් අහන්න වෙලා තියෙනවා. බැණුම් විතරක් නෙමෙයි, කුණුහරුපත් අහන්න වෙනවා.

ඊයේ වෙන්නප්පුව ෆුඩ් සිටි එක ලඟ ඉඳන් පික්මී ත්‍රීවීල් එකකට බුකින් එකක් දැම්මා. ත්‍රීවීල් එක එනකම් බලන් හිටියා.

රියදුරා ටවුමේම වෙන තැනකට ගිහින් මට කතා කරලා කිව්වා ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ කියලා. මම කිව්වා මම pickup location එක දැම්මේ ෆුඩ් සිටි එකට කියලා. එතකොට එයාට හොඳටම තද වෙලා, තිත්ත කුණුහරුපයක් කියලා ෆෝන් එක කට් කළා. පස්සේ එයාම හයර් එක cancel කළා.

ඊට පස්සේ ආයෙත් බුකින් දෙකක් දැම්මා. ඒ දෙන්නත් කතා කරලා කිව්වේ ලොකේෂන් එක පෙන්නන්නේ ඔයා කියන තැන නෙමෙයි, වෙන තැනක් මිස් කියලා. අන්තිමට ෆෝන් එකෙන්ම තැන කියලා ත්‍රීවීල් එක ගෙන්න ගත්තා.

මේ ගැන පික්මී දුවන ත්‍රීවීල් රියදුරන්ගෙන් ඇහුවම එයාලා කිව්වේ, අපිට බුකින් එක වැටෙනවා, ඒත් අපේ ඇප් එකේ (පික්මි රියදුරන්ගේ ) අවුලක් තියෙනවා කියලා. දැන් පික්මී දුවන අය ගොඩක් වැඩි නිසා ඇප් එක update වෙන්නේ නැහැ කියලත් එයාලා කිව්වා. ඒ වගේම ළඟ හයර් එකක් දුවලා එයාලට කිසිම වාසියක් නැහැ, ලොකු සූරාකෑමක් වෙනවා කියලත් එයාලා කිව්වා.

ඇප් එක මෙහෙම අවුල් වුණාම රියදුරන්ටත් වැරදි ලොකේෂන් වලට ගිහින් කාලයයි සල්ලිත් නාස්ති වෙනවා.

මෙහෙම පාරිභෝගිකයින්වත්, රියදුරන්වත් අමාරුවේ දාන්නේ නැතුව, පික්මී ආයතනය මේක හදන්න ඕනේ.
නැත්තම් හොඳ විශ්වාසෙන් පික්මී එකේ යන්න ගොඩවෙන අපිට ඉස්සරහට රියදුරන්ගෙන් ගුටි කන්නත් වෙයි ඉස්සරහට.

ඉනෝකා සඳමාලි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article