spot_img
spot_img
Saturday, October 17, 2026
spot_img
spot_img

‘කාවන්තිස්ස’ මියගියේ දඩබිමකය

Must read

සැප්තැම්බර් මාසයේදී ගල්ගමුව ප්‍රෙද්ශයේදී පාදයකට වෙඩි වැදී සිටි කාවන්තිස්ස නම පටබැදී තිබූ ඇතෙකුට වන ජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේනතුවේ මුහුනු පොතේ පළකර තිබුනි. කාවන්තිස්ස දැනට ලංකාවේ සිටින විශාලතම හස්තියා බවද කියනු ලැබේ. දින ගණනාවක ප්‍රතිකාර වලින් පසුව කාවන්තිස්ස නැවත වන ගතවූ අතර ඉට සති කීපයකට පසුව නැවතත් කාවන්තිස්ස හස්තියා ඇද වැටුණි. පසුගිය දින කීපය පුරාම ඔහුට ප්‍රතිකාර කළද ඉන් පළක් නොවුනි. ඇදවැටුන කුඹුරේම කාවන්තිස්ස මියගොස් ඇත. මෙම හස්තියාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට සත්ව ප්‍රේමීන් දහස් ගණනක් සිය ශෝකය පළකරමින් වගකිවයතුත්න් වෙත විවේචන එල්ල කර තිබේ. එක් විවේචනයක් වන්නේ කාවන්තිස්ස හස්තියාට ලබාදුන් ප්‍රතිකාර පිලිබදවය. මෙවන් හස්තියෙකු මීට පෙර ද මේ ආකාරයට මිය ගිය අතර ඒ අවස්ථාවේදී ඉගෙන ගත් පාඩම් කාවන්තිස්සට ඉදිරියේ ක්‍රියාත්මක නොකළේ ඇයිද යන්න ගැන බොහෝ දෙනෙක් මතුකර තිබුණි. ලංකාව දැන් කාලයන පටන් අලි ඇතුන්ට මරණය කැදවන දඩබිමක් වී අවසානය. කාවන්තිස්ස වැනි වෙඩි වැදුන අලි ඇතුන් තවත් විශාල ගණනක් වනයේ සැරිසරන බව අමිහිරි සත්‍යයකි. හක්කපටස් වැනි උගුල් වලට හසුවී දුක්විදින අලිද අපමණය. කාවන්තිස්සගේ මරණය කෙතරම් ශෝකජනක වුවත් ඉන් හෙටදවසට ඉගෙනගතයුතු පාඩම් බොහෝ ඇත.

https://www.facebook.com/photo/?fbid=1578101617692876&set=pcb.1577577414411963
කාවන්තිස්ස (සැප් 27)

සැප්තැම්බර් 27 වනජීවී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තබා තිබූ සටහන (ඇතුගේ තුවාලවල තත්වය ක්‍රමයෙන් සුව අතට – වෙඩි ප්‍රහාරයකට ලක්වී සිටින සියඹලංගමුව ප්‍රදේශයේ සැරිසරණ ඇතාගේ තුවාලවල තත්වය ක්‍රමයෙන් සුව අතට පත්වී තිබෙනවා.) අද (27) දිනයේත් වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළු වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. ඇතා මේ වන විට ජලයට බැස සිටීමට වැඩි නැඹුරුතාවයක් දක්වන අතර තුවාලය සහිත ස්ථානයේ ඇති ඉදිමුම අඩු වී ඇති බවට වෛද්‍ය කණ්ඩායම නිරීක්ෂණය කළා. ඇතාට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායම ප්‍රමුඛ වනජීවී නිලධාරීන් අඛණ්ඩ මෙහෙයුමක යෙදී සිටිනවා. )

කාවන්තිස්සගේ මිය යාම සහ ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මෙරට සත්ව ප්‍රේමින් දහස් ගණනක් සිය ශෝකය සහ විවේචන පළකර තිබේ. ඒ අතර ප්‍රධාන විවේනයක් වන්නේ කාවන්තිස්සට ප්‍රතිකාර ලබාදුන් ආකාරය පිලිබදවයි. මේ සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබේ. කාවන්තිස්ස ඇදවැටුන දා පටන් ඔහුට ප්‍රතිකාර කරන අතර තුර මතුවූ තවත් අදහසක් වන්නේ අලි ඇතුන්ට ප්‍රතිකාර කරන  ඉසව් වෙත යූ ටියුබ්කරුවන්ට හඹායාමට ඉඩ නොදිය යුතු යන්නයි. දළ සහිත අලින් සිටින ප්‍රෙද්ශ පිලිබද හෙලිකිරීමත් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව පිරිසක් මතුකර තිබුනි.
කාවන්තිස්ස අවසාන වරට ඇදවැටුන පසු ඔහුට ප්‍රතිකාර කිරීම ඇරඹුවත්,අමාත්‍යවරයා එම ස්ථානයට ගියත් දෙපාර්තමේන්තුවට මීට වඩා පහසුකම් තිබිය යුතු බව බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබුණි. ඊයේ වනවිට බව් බව් සංවිධානය විසින්ද පනිවිඩයක් නිකුත් කර කියා තිබුණේ ඕනෑම බර සතෙකු එසවීමට අවශ්‍ය උපකරණ ඔවුන් සතුව තිබෙව බවයි.
තවත් බොහෝ අය පවසා තිබුණේ ”අග්බෝ” මිය ගිය ආකාරයේදී ඉගෙනගත් පාඩම් කාවන්තිස්ස හමුවේදී ක්‍රියාත්මක නොකළ බවයි.
කෙසේ වුවත් කාවන්තිස්ස අකාලයේ මියගිය බව බෙහෝ දෙනෙකුගේ මතයයි. මන්ද සතිකීපයකට පෙර ඔහු සුවවී වනයට නිදහස් ඇතෙකු රැකගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සහ රජයට ඉගෙනගැනීමට පාඩම් බොහෝ තිබේ.
ලංකාව අලි -ඇතුන්ට අනාරක්සික රටක් බවට පත්වී ඇති බවට සැකයක් නැත. අලි ඇතුන් රැකගැනීම වෙනුවෙන් සත්ව සංවිධානනයක් විසින් ඊයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටද විරෝධතාවයක් පවත්වා තිබුණි
තාක්ෂනය දියුණු අද වැනි යුගයක අලි ඇතුන් ආරක්ෂා කිරීමට බලධාරීන්ට දැනට වඩා දැඩි වගකීමකින් ක්‍රියාකළ යුතු වන්නේ කාවන්තිස්ස ගේ සමුගැනීම වැනි තවත් සමුගැනීම් නැවැත්වීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් රජය වැඩපිලිවෙලක් සකස් කළ යුතුය. සත්ව සුබසාධන පනත වැනි පනතක් සම්මතකර ගැනීමට තරම් ඉදිරිගාමී සත්ව සංවිදාන ලංකාවේ සිටින බැවින් ,අලි ඇතුන් ආරක්ෂාකර ගැනීම උදෙසා මෙම සංවිදාන වලද සහයෝගය ලබාගෙන යම් වැඩපිලිවෙළක් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

පහත පළවන්නේ කාවන්තිස්ස ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පළකළ තිබූ සටහනකට ලැබී තිබූ ප්‍රතිචාරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article