spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img

ඇත්කඳ විහාරයේ ඇසළ පෙරහැරට මුස්ලිම් ව්‍යාපාරිකයෝ අත හිත දෙති.

Must read

බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර ආගමික සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව කුරුණෑගල මුස්ලිම් ව්‍යාපාරික සංගමය විසින් ලබන 2 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත කුරුණෑගල ඇත්කඳ විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීම අද (29 දා) වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශාලාවේදී සිදුකෙරිණි.

මුස්ලිම් ව්‍යාපාරික සංගමයේ සභාපති එම්. එම්. රයීස් , ලේකම් ඒ. එස්.එම්. හලීම්ඩීන් සහ ප්‍රධාන සංවිධායක එම්. එම්. එම්. අසීම්ඩීන් යන මහත්වරුන් විසින් ඇත්කඳ විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැරේ බස්නායක නිළමේ තැන්පත් වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත අදාළ චෙක්පත ප්‍රදානය කල අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි.

muslim_donate

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article