spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ඉතාලි රැකියා සිහින මවා රැ ලක්ෂ 26ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Must read

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 26 ක මුදලක් වංචා කළ කාන්තාවක්ව මහනුවර මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම කාන්තාව පදිංචිව ඇත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්වය.

ඇය ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන් 05 ක් සම්බන්ධයෙන් පැමිණිළි විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී තිබී ඇත.සැකකාරිය වරින් වර පදිංචිය වෙනස් කරමින් විවිධ ස්ථාන වල පදිංචියට යාම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර මේ අතර,ඇය මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ නිවසක රැදී සිටින බවට වන තොරතුරක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී ඇත.ඒ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු සොයා බැලීමකින් අනතුරුව මහනුවර පොලීසියද සහාය ඇතිව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article