spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කන්දකැටියේ තරුණයෙකු ඝාතනය කළ පොලිසියේ 6 කට මරණ දඩුවම !

Must read

kandekatiya-caseබදුල්ල ප්‍රදේශයේ  කන්දකැටිය පොලිසිය විසින් කෘර අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ඝාතනය කරනු ලැබූ සඳුන් මාලිංග තරුණයාගේ ඝාතකයින් හට අද බදුල්ල මහාධිකරණය විසින් මරණ ඳඩුවම නියම කරන ලදී.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයේ නඩු අංක HC-01/2015 යටතේ අධිචෝදනා ගොණුකර තිබූ අතර, ඒ අනුව කන්දකැටිය පොලිසියේ 06 කට බදුල්ල මහාධිකරණය විසින් එහිදී මරණ දඬුවම නියම කෙරිණි.

2014 මැයි මස 14 වෙනි දින පොලිස් අත්අඩංගුවේ සිටියදී, පොලිස් පහරදීම නිසා මිය ගිය සඳුන් මාලිංගගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව වසරක් යන තෙක් නීතිය කි‍්‍රයාත්මක නොකිරීම නිසා නීතිපතිවරයාගේ කි‍්‍රයා කලාපය අභියෝගයට ලක්කරමින් “රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය” විසින් රිට් මැන්ඩාමුස් අඥාවක් ඉල්ලා පවරන ලද පෙත්සමේ ප්‍රථිපලයක් වශයෙන් අද (09) දින මෙසේ සාධාරණය ඉෂ්ඨ විය.
(රයිට් ටු ලයිෆ් වෙබ් අඩවිය ඇසුරිනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article