spot_img
spot_img
Wednesday, October 28, 2026
spot_img
spot_img

ජීවන වියදම අඩුකිරීමට මත්ස්‍ය නිෂ්පාදන අඩු මිලට දීම ගැන රජයේ අවධානය

Must read

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ධීවර කර්මාන්තය යැපුම් ආර්ථිකයෙන් ඔබ්බට ගෙන ගොස් එය ප්‍රබල වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා අවශ්‍ය නව ආයෝජන සිදු කිරීමට සහ ඊට අදාළ සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, කර්මාන්තයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳ විධිමත් සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

එසේම, ජනතාවගේ ජීවන වියදම අවම කිරීමේ අරමුණින් මත්ස්‍ය නිෂ්පාදන සාධාරණ සහ අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ ක්‍රියාමාර්ග කෙරෙහිද රජයේ දැඩි අවධානය යොමු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ධීවර ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක මූල්‍ය සහායක වැඩසටහන් සහ ධීවර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article