III වන ශ්රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගිය23 වනදා පෙරවරුවේ ගරු පරිසර අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් සහ ගරු පරිසර නියෝජ්ය අමාත්යතුමාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්යාංශ පරිශ්රයේදී සිදු කෙරිණි.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර රාජකාරි ශක්තිමත් කරමින් සහ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම මෙම පත්වීම් ප්රධානයේ එක් අරමුණකි.
අලි-මිනිස් ගැටුමෙන් වඩාත්ම පීඩාවට පත්වන ග්රාමීය මව්වරුන්, දරුවන් සහ පවුල් ඒකකයන්වල ගැටුම්කාරී හෝ ආවේගශීලී අවස්ථාවලදී පීඩාවට පත් ප්රජාව සමඟ වඩාත් සංවේදීව, ඉවසීමෙන් සහ සානුකම්පිතව සන්නිවේදනය කරමින් තත්ත්වය සමනය කිරීමටත්, ගැටුම් වැළැක්වීමේ ක්රමවේද පිළිබඳ ග්රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමටත් කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වය අතිශය ඵලදායී වේ.











