spot_img
Saturday, March 7, 2026
spot_img

ටැෆික් පොලීසියට පාට් දැමූ මන්ත්‍රීවරියට ඇප, පරීක්ෂණ දිගටම

Must read

dulakshi newවෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් බන්ධනාගාරව සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි දුලක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය පසුගිය  20 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී ඇය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරයා විසින් සුදුසු කරුණක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර මන්ත්‍රිවරිය අතින් සිදුවූ වරද පිළිබඳව පසුතැවෙන බවත් මින්පෙර ඇය විසින් කරන ලද පෙර වැරදි නොමැති බවත් සුදුසු ඇපයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී.

දුලක්ෂි ප්‍රනාන්දු ට මෙදින ඇප ලබාදිම සඳහා පොලීසියේ විරෝධතාවයක් ද නොතිබූ අතර ⁣ඇයට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත්වූ කරුණු ගැන සලකා බලා

මහේස්ත්‍රාත්  අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බී.සී.කේමින්ද පෙරේරා විසින් පුද්ගල ඇප මත ඇයට ඇප ලබාදීමට නියෝග කරන ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන ලෙස ⁣වෙන්නප්පුව පොලීසියට උපදෙස් ලැබුණ අතර මෙම සිදුවීම සමබන්ධ වීඩියෝව සාක්ෂියක් ලෙස අධිකරණය වෙත යොමු තර තිබේ

වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ රාජකාරියට බාධාකිරීම සහ ඔවුන්ට තර්ජනය කිරීම යන කාරණා මත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ ඇගේ සොහොයුරියන් දෙදෙනා ඇතුළු පියා වෙන්නප්පුව පොලීසිය විසින් අගෝස්අතු 20 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article