(8.45 am ) පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වය හමුවේ මාකඳුර වෙළඳසැල් සහ නිවාස වලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා චෙක්පත් ප්‍රධානය කිරීම ඊයේ (18) අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බංණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 50 ක්, ව්‍යාපාරික ස්ථාන 65 ක්, රථවාහන 5 ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට ඉකුත් 16 වැනිදා අලාභ හානි සිදුව තිබුණි.







