spot_img
Saturday, March 7, 2026
spot_img

දඩ මස‍ට කෙළ හැලූ මන්ත්‍රී – අන්තිමට හිරබ‍තෙන් නවතී !

Must read

විල්පත්තු රක්ෂිත වනාන්තරය තුළ දඩයමේ ගොස් ආපසු එමින් සිටියදී අත්අඩංගුවට ගැණුනු පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය අද නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාර ගතකෙරුණේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වීරක්කොඩි ආරච්චිලාගේ කිංස්ලි ගාමිණී, සෙල්වරත්නම් රාජදේව කුමාර්, වර්ණකුලසුරිය රස්මින් පෙරෝස් ප්‍රනාන්දු යන අයවඵන්ය.

පුත්තලම, හයේ කණුව ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේදී මෙම සැකකරුවන් තිදෙනා ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කළ වනාතවිල්ලුව පොලිස් නිලධාරීන් විසින් එහි තිබූ වෙඩි තබා මරා දැමූ මීමින්නෙකුගේ මස් තොගයක් සහ පණපිටින් රැගෙන යමින් සිටි ඉබ්බෙකු ඊයේ (05 දා) දහවල් සොයා ගනු ලැබූහ.

අදාළ ත්‍රිරෝද රථය වැඩිදුර පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරීන් විසින් එහි සගවා තිබූ මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග ඊට යොදනු ලබන බෝර 12 පතොරොම් 12 ක්ද සහ හිසේ බැදගෙන භාවිතා කළ හැකි විදුලි පන්දම් 06ක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. සදුන්ගහවත්ත, වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර යන මහත්වරුන්ගේ උපදෙස් මත වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. වතුලියද්ද සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්රිරයරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

පොලිස් නිලධාරින්ගේ පිහිටෙන් ජීවිත දානය ලැබූ ඉබ්බා

dadamas 1

මස්වැද්දන් සතුව තිබූ තුවක්කු සහ විදුලි පන්දම් dadamas 3 dadamas 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article