Friday, May 3, 2024

ක්‍රීඩා ඇමැතිවරු උඩවල‍වේදී ජොගින් යති. එස්.එම්.- ප්‍රමිත මගහරිති.

Must read

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන් පිරිසක් අද උදෑසන උඩවලව ප්‍රදේශයේදී ශාරීරික ව්‍යායාම්වල යෙදුණු බව කියන ඡායාරූප කිහිපයක් ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබේ.

සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ,​​ බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ, වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ, උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජ්, නැගෙනහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්. තන්ඩයුතපනී, ඌව පළාත් ක්‍රීඩා අමාත්‍ය බී.එස්. සුමේධ ද සිල්වා ඇතුඵ පළාත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහ ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද මෙලෙස ව්‍යායාමවල යෙදී සිටි අයුරු අදාළ ඡායාරූපවල දැක්වෙයි.

ක්‍රීඩා ඇමැතිවරුන්ට කලෙකට පසුව මෙලෙස එකට එකතු වී ව්‍යායාම කිරීමේ අවස්ථාව හිමි වී ඇත්තේ ග්‍රෑන්ඩ් උඩවලව සෆාරි රිසෝට් හෝටලයේදී අද ආරම්භ වූ පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සම්මේලනය හේතුවෙනි.

අදාළ සමුඵව ආරම්භවීමට පෙර ක්‍රීඩා ඇමැතිවරුන් එක්ව මෙලෙස ව්‍යායාම්වල යෙදුණු බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නියන නමුත් උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් සහ මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් දයාසිරි ජයසේකර මහතා සමග ව්‍යායාම් කිරීමට එක් වී සිටි බවක් අදාළ ඡායාරූප වලින් නම් නොපෙනේ.

jogin jogin2 jogin8 jogin1 jogin7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article