දිට්වා සුළි කුණාටුව සිදුවී මේ මව විට මාස හයකට ආසන්නය. නිවාස හා ඉඩම් දේපළ සම්පූර්ණයෙන්ම යටවූ නිවාස වල පවුල් කුලී නිවෙස් වල ජීවත්වීමට පටන් අරන් මාස -6ක් ගතවී තිබේ. වෙන්නප්පුව ප්‍රා.ලේකම් කොට්ඨාශයට අයිති පූර්න නිවාස හානි සිදුවූ පවුල් වල සාමාජිකයින් තවමත් වාසය කරන්නේ කුලී පදනම මත හෝ නෑදෑ හිතවතුන්ගේ නිාවස වලය. රජය මේ ඔවුන්ට ලබාදිමට ඉඩම් තවමත් තෝරාගෙන නොමැත. මේ හේතුවෙන් අපහසුතා විදින පවුල් ඔවුන් පවතින ආර්ථික දුෂකරතා හමුවේ විවිධාකාරවු ගැටලු වලට මුහුණ දෙමින් සිටිති. ඒ අතරම රජය විසින් තමන්ට සුදුසු ඉඩමක් තෝරා නිවාස සදහා ණය ලබාදෙන බලාපොරොත්තුවද එම ජනතාව අත්හැර නොමැත. පහත ඡායාරූප වල දැක්වෙන්නේ වෙන්නප්පුව – ලුණුවිල හන්දියේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ජීවත්වූ කුමාරි මහත්මියගේ නිවසයි. දිට්වා කුණාටුව අවස්ථාවේදී ඔවුන්ගේ නිවස මතට මාර ගසක් කඩාවැටි විනාශ වී ඇති අතර, අලුතින් ගෙට එකතුකළ නාන කාමරය සම්පූර්ණයෙන් විනාශ වි තිබේ. වෙනන්ප්පුව ඩිපෝවේ සේවය කළ ඇගේ සැමියා රෝගාතුරව මියගොස් ඇත්තේ වසර ගණනාවකට ඉහතදිය. පසුව විදේශයේ රැකියාවල නිරත වී දුක්මහන්සි වී හම්භ කළ මුදලින් මෙම නිවස ගොඩනගාගත් බව ඇය පවසයි. සිය එකම පුතණුවන් සමගින් ජීවත්වන කුමාරි මහත්මිය (54) රෝගී තත්ත්වයෙන්ද පසුවන බැවින් රැකියාවක ස්ථීරව නිරතවීමට නොහැකි බව තත්ත්වයේ පසුවෙයි. අසල්වැසි නිවසක කුලී ඉල්ලා ගත් ඉඩකඩක ඔවුන් තාවකාලිකව පදිංචිව සිටින අතර රජයෙන් සුදුසු ඉඩමක් ලබාදී නිවසක් තනාදිමට කටයුතු කරනවා නම් ඔවුන්ට බමහත් සහනයක් බව ඇය පැවසුවාය.










